2012-01-30

සඳ

කව්ළුදොර හැර අන්ධකාරයේ සිට  IMG_5277
ආලෝකමත් සඳ
නුඹ දෙස බලනා මා යුග නෙත්
කඳුලින් තෙමීමට
කෙතරම් දරදඬු  ද නුඹ හිත

විටෙක සිනාසෙන
විටෙක රවන
තවත් විටෙක සැඟවෙන සඳ
අපහසුය වටහා ගැනීමට
 
අසාධාරණ සඳ
මා නෙතු කිරණින් ගැලවීමට
අඹ ගසට සැඟවෙන
කුමක් කරන්නද මා
නුඹ නැති නිමේශයට               

නොපැතුවෙමි නොබැලුවෙමි
සුව හසක් තරුදෙස
බැලුවේ පැතුවේ එකම එක්
සඳක් දෙස
පමාවීද මා සඳට නෑකම් කියන්නට
විරහ ගී දහසකුත් මදි මට ගයන්නට!!! 

2012-01-10

වැල් පාලම

මෙගොඩ සිට එගොඩ දෙස බලමි.එගොඩ නම් සුන්දරය.එහෙත් මෙගොඩ? නොපෙනේ එය තවම නොපෙනේ. එය පෙනෙනුයේ එගොඩට ගොස් ආපසු හැරී බැලූ විටය.පහලින් ඇති ප්‍රපාතය දෙස බලනු! ආරක්ෂාවට ඇති පවුරු වළලු වැනි ගස් අතු නිසා පහල ඇති ප්‍රපාතයද නොපෙනේ. එහෙත් පහලට වැටෙනා සියල්ලෝම එය අත්දකිති.වැල් පාලමේ ඇති ලෑලි සියක් දහස් මනුෂ්‍ය වර්ගයාට එගොඩ යාමට සහය දක්වා ඇති බැව් බැලූ බැල්මට පෙනේ. මෙය එගොඩ වීමට තිබූ එකම පාලම නොවේ.තවත් පාලම් දෙකක් ම තිබී ඇත.සමහරෙක් පළමු පාලමෙන් ම එගොඩ වෙති.සමහරෙක් පළමු පාලමෙන් ම ඇදවැටී දෙවැනි පාලමෙන් එගොඩ වීමට උත්සාහ දරති.දෙවැනි පාලමෙන් ද ඇදවැටුණු සමහරෙක් කරබාගනිති.සැබවින්ම මෙය වීර්ය පාරමිතාවකි. දෙවැනි පාලමෙන් ද ඇදවැටුණු සමහරෙක් තුන්වැනි වැල් පාලම වෙතද ගමන් කරය්.මාර්ගය ඍජුය.පෙනෙන තෙක් මානයක බාදක ද නැත. එහෙත් ගමනාන්තය නම් අපැහැදිලිය.ශක්තිය ලැබේවාය් පතන්නෙමි '3rd shy'( තුන්වැනි වෑයම) වැල් පාලමින්වත් එගොඩ වන්නට.

2012-01-08

පළමු ලිපිය

blog එකක් ලියන්න පිස්සුවක් ගිය අවුරුද්දේ ඉදන් තිබ්බත් O/L විබාගේ නිසා හිරවෙලා හිටපු මට ඒ ගැන හිතන්නවත් වෙලාවක් තිබ්බේ නෑ. එත් අද මම සතුටු වෙනවා ඒ හීනය සැබෑ කරගන්න ලැබුණු නිසා.මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන නුවන් අය්යට එයා තමය් මට blogs ගැන 'අ' යන්නේ ඉඳන් කියලා දුන්නේ.  මම තාම ආදුනිකයෙක් නිසා එතරම් බරසාර විදියට ලියන්න තේරුමක් නෑ.කොහොම උනත් 'try and try one day you can fly' එවගේම 'උත්සාහවන්තයා ජයගනී' කියලා කියමනකුත් තියනවා නේ.මම පුළුවන් තරම් හොඳට ලියන්න උත්සාහකරන්නම්.වරදක් තියෙන තැනක ඒක පෙන්නලා මාව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා.මම අද ඉදන් ලියන ලිපි වලට ඔයාල හැමෝම අදහස් දක්වන්න.ඔයාලට ඒක වාක්‍ය 2ක් 3ක් උනත් මට ඒවා නවකතාවක් තරම් වටීවි.