![Life-of-Adolf-Hitler-1961--Hollywood-Movie-Watch-Online Life-of-Adolf-Hitler-1961--Hollywood-Movie-Watch-Online](http://lh5.ggpht.com/-cW1qWLx-mxY/UGhqnCUIhPI/AAAAAAAABCg/BpCfq6Kfm7I/Life-of-Adolf-Hitler-1961--Hollywood.jpg?imgmax=800)
![volkswagen-beetle volkswagen-beetle](http://lh5.ggpht.com/-cY3yRwOgXtY/UGhqruN-0iI/AAAAAAAABCw/wZvHE6qG-L0/volkswagen-beetle_thumb1.jpg?imgmax=800)
පුරා වසර හතරකට වඩා වැඩි කාලයක් පුරා පැවති පළමුවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය ආර්ථික උද්ධමනය,විරැකියාව ,ආහාර හිඟය වැනි බරපතල ප්‍රශ්න රාශියකට මැදිවී සිටියහ.මෙයට හේතුව වූයේ පළමු ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ නිෂ්පාදන ඉහල ගොස් තිබුනත් ලැබෙන ආදායම ලෝක යුද්ධයෙන් වූ අලාභය පියවාගැනීමට වන්දි වශයෙන් පිටරටවලට ලබාදීමට සිදුවීමයි.මේ කාලසීමාවේ ජාතික සමාජවාදය මුවාවෙන් බලයට පත්වීමට ඇඩොල්ෆ් හිට්ලර්ට අවස්තාව උදා විය.
ඇඩොල්ෆ් හිට්ලර් ජර්මන් ජාතිය නිර්මල ආර්යයන්ගෙන් පැවතඑන ලෝකයේ උතුම්ම මානව වර්ගය බව ප්‍රකාශ කළේය.උසස්ම ජාතිය බවට පත්වීමට නම් සෑම අංශයක්ම අන්‍ය ජාතීන්ට වඩා ඉදිරියෙන් පැවතියයුතු බව හිට්ලර් ගේ මතය විය. විද්‍යාව හා තාක්ෂනය, නව නිර්මාණකරණය ගැන හිට්ලර් ට මනා දැනුමක් තිබූ බව ඔහු ලඟින් ඇසුරු කළ ඔහුගේ පුද්ගලික ඡායාරූප ශිල්පී හොප්මන් විසින් රචිත “මාගේ මිත්‍ර හිට්ලර්” නම් ග්‍රන්ථයේ විස්තර කර තිබේ.
“ලොව උසස්ම ජාතිය බවට පත් ජර්මන් ජාතියට අයත් ජර්මන් කම්කරුවා ලොව කම්කරු ජනයා අතර උසස්ම කම්කරුවා බවට පත්විය යුතුය.සෑම කම්කරුවෙකු හටම මෝටර් රථයක හිමිකරුවෙකු වීමට අයිතියක් ඇති බවත් අන්‍ය ජාතික කම්කරුවන්ට ප්‍රථම ජර්මන් ජාතික කම්කරුවා හට මේ තත්වය උදාකර දිය යුතු” බවත් හිට්ලර් ප්‍රකාශ කළේය.මේ කාලය වනවිට ජර්මනියේ රථවාහන භාවිතය උතුරු ඇමරිකානු හා යුරෝපානු රටවල සාපේක්ෂව ඉතා අඩු අගයක් විය. මේ අනුව සුවිශේෂී ලක්ෂණයන්ගෙන් යුතු වාහනයක් නිපදවිය යුතු බවත් එය කම්කරු ජනයා හට මිලදීගතහැකි අඩු මිලක් නියම කළ යුතු බවත් හිට්ලර්ගේ අදහස විය.වතුර නොමැතිව වාතයෙන් සිසිල් කළ හැකි (Air Cooled) ආකාරයෙන් සකස්විය යුතු ලෙසත් , ධාවනයේදී වාතයෙන් එන ප්‍රතිරෝධය අවම වන හැඩයෙන් යුතු වන ලෙසත් බොඩිය හා චැසිය ලෙස කොටස් දෙකකට වෙන්කළ හැකි ලෙසත් එය නිර්මාණය විය. කුරුමිනියෙකුගේ හැඩයෙන් යුක්ත වූ නිසා එය බීට්ල් මොඩලය (Beetle model) ලෙස නම් කෙරුණි.
මෙහි තවත් විශේෂත්වයක් වූයේ මෙහි එන්ජිම වාහනයේ පිටුපස සවිකොට තිබීමයි. එය ඇන හතරකින් පහසුවෙන් ගැලවිය හැකි ලෙස නිමවා තිබුණි.බැලූ බැල්මට එය ඉතා සරල නිමාවක් බව පෙනිණි.එලෙස නිමවූ මෙම වාහනය පොදුජන වාහනය නැතහොත් ගැමි වාහනය යන අරුත දෙන “වෝක්ස්වැගන්” (volkwagen) ලෙස නම් කෙරිණි.
![cutaway_win cutaway_win](http://lh3.ggpht.com/-KbOK1PRiWMs/UGhqyHMyx0I/AAAAAAAABDA/kFdnPkXCwvM/cutaway_win_thumb5.jpg?imgmax=800)
![1938_Volkswagen_Beetle_010_3637 1938_Volkswagen_Beetle_010_3637](http://lh6.ggpht.com/-1hExM6nF4B0/UGhq5ytqoGI/AAAAAAAABDQ/4NMd8Dp6N1I/1938_Volkswagen_Beetle_010_3637_thum.jpg?imgmax=800)
1938 මැයි මාසයේදී වොක්ස්වැගන් කර්මාන්තශාලාව විවෘත විය. එදින වහල නිරාවරණය කළ බීට්ල් රථයක නැගී ප්‍රථම වෝක්ස්වැගන් රථයේ මංගල ගමනට හිට්ලර් එක් විය. ඉන්පසු මෝටර් රථ නිෂ්පාදනය මහා පරිමාණයෙන් ඇරඹින.
![i020633 i020633](http://lh6.ggpht.com/-VrdCJ2Vr5Qs/UGhq-NDtWOI/AAAAAAAABDg/E_gwDE0FI1Q/i020633_thumb2.jpg?imgmax=800)
![2 2](http://lh6.ggpht.com/-qB7UH4X8T0o/UGhrCUMEWEI/AAAAAAAABDw/SaNWkoGHsLs/2_thumb5.jpg?imgmax=800)
![1938-little-big-bug 1938-little-big-bug](http://lh6.ggpht.com/-409JgU4036U/UGhrINgBPVI/AAAAAAAABEA/djq_pu3lnRQ/1938-little-big-bug_thumb.jpg?imgmax=800)
![volkswagen-factory-wolfsburg-1 volkswagen-factory-wolfsburg-1](http://lh5.ggpht.com/-hYg2JE0PXfE/UGhrMmu-_TI/AAAAAAAABEQ/xkdFpWrOB50/volkswagen-factory-wolfsburg-1_thumb.jpg?imgmax=800)
![DSC_5654 DSC_5654](http://lh4.ggpht.com/-mEM2U5QqfOI/UGhrQHTr6UI/AAAAAAAABEg/ZXFkbbdwFxc/DSC_5654_thumb1.jpg?imgmax=800)
![Volkswagen_Badge Volkswagen_Badge](http://lh3.ggpht.com/-cRktN-RVAj0/UGhrTk0IaYI/AAAAAAAABEw/tCY2xq0hj18/Volkswagen_Badge_thumb%25255B5%25255D.jpg?imgmax=800)
ක්‍රමයෙන් ජර්මනිය මෝටර් රථ නිෂ්පාදනය අතින් ලොව තෙවැනි තැනට පත්විය. ඇමෙරිකාව හා එංගලන්තය ජර්මනියට ඉදිරියෙන් සිටියහ. අනාගතයේ මෝටර් රථ හිමිකරුවෙකු වීමට මාස්පතා සෑම කම්කරුවෙකුගෙන්ම වැටුපෙන් කොටසක් කපා ගැනීම සිදුවිය. නොබෝ කලකින් දෙවැනි ලෝක යුද්ධයත් ආරම්භ විය. යුද්ධයෙන් ජයගෙන ලොව සියලුම ජාතින් තම අනසකට යටත් කොටගෙන්න තම පොරොන්දු සපුරාලන බව පැවසු හිට්ලර් කම්කරුවන්ගෙන් කපාගත් මුදලද යුද්ධය සඳහා වැයකළේය.1945 දී ජර්මනිය කොන්දේසි විරහිතව යටත් විය. එයින් දෙවැනි ලෝක යුද්ධයට ඔවුන්ගේ දායකත්වය නිමා විය. හිට්ලර් ඇතුළු ඔහුගේ අණදෙන නිලදාරීන් බොහොමයක් සියදිවි නසාගත් බව සඳහන් වේ.ජර්මන් රථවාහන නිපදවන එකම කර්මාන්ත ශාලාවක්වත් නිෂ්පාදනය සඳහා සුදුසු තත්වයේ නොවීය. වෝක්ස්වැගන් කම්හල 75% පමණ විනාශ වී තිබිණි.ඇමෙරිකානු සමාගමක් 1945 දී ජර්මන් ජාතිකයන් සමග එක්වී සමාගම නැවත ගොඩනැංවීමේ කාර්යයට ඉදිරිපත් විය. 1945 වසරේදී මෝටර් රථ නිපදවූයේ 1785ක් පමණකි. අමුද්‍රව්‍ය සැපයුම අඩාළ වෙමින් පැවතුනි.1947 දී ඇමෙරිකානු සමාගම ඉන් ඉවත් විය.
1948දී කර්මාන්තයට නව පණක් ලබාදෙමින් 48 වැනි වියේ පසුවූ “හෙන්ස් නෝර්ඩ්පොප්” නමැති ඉංජිනේරුවා මෙම කර්මාන්තශාලාවේ ප්‍රධානියා බවට පත්විය.ඔහු මෙම දූරයට පත්වන විට වෝක්ස්වැගන් කාර්යාලය මීයන්ගෙන් පිරී තිබුණු කිසිම පිළිවෙලක් නැති ස්ථානයක් විය.කාලය,ශක්තිය.දැනීම යොදවා සමාගම නැංවීම අරමුණු කොටගත් ඔහු මුල් කාලයේ නිදා ගත්තේ කන්තෝරුවේ බූරු ඇඳක් මත බව කියනු ලැබේ.1949 වසරේදී මෝටර් රථ 4600 ක් නිපදවූ අතර 1951 වනවිට එය ලක්ෂය ඉක්මවීය.ජර්මනියේ පමණක් අලෙවි කොට තම අරමුණු ඉෂ්ට කරගත නොහැකි බව දැනගත් ඔවුන් පිටරට අපනයනය සඳහා යොමු විය.1953 දී ප්‍රථම වරට බ්‍රිතාන්‍යයේ අලෙවිය ඇරඹින.එම වසරේදී නොර්ඩ් පොප් ඇමෙරිකාවට සේන්දු වූයේ මෝටර් රථ අලවිය පිළිබඳව තතු විමසා බැලීමටයි. ඔහුගේ උපදේශකයන්ගේ අදහස වූයේ එය කිසිම දිනක සාර්ථක නොවන බවයි.වසරකට අඩුමතරමින් මෝටර් රථ 800 ක් අලෙවි කිරීම ඔහුගේ ප්‍රයත්නය විය. වෙළඳ උපයන්ගේ දක්ෂ ඇමෙරිකානුවන් කීප දෙනෙකු යොදවා වෝක්ස්වැගන් රථ ඇමෙරිකානු මාර්ගවල ධාවනයට එක්කළේය. ක්‍රමයෙන් ඇමෙරිකානුවන්ගේ අවධානය වෝක්ස්වැගන් බීට්ල් රථය වෙතට යොමුවිය.
1960 වනවිට වොක්ස්වැගන් බීට්ල් රථයේ යම් වෙනස්කම් සිදුකරමින් අනුවාදන(versions) 50ක් පමණ ඉදිරිපත් කර ඇත.මේ ඉන් කිහිපයකි…
![1945-1959-volkswagen-beetle-10 1945-1959-volkswagen-beetle-10](http://lh6.ggpht.com/-d8sOoLa35oo/UGhrX4a2BmI/AAAAAAAABFA/ufdrdXFaOao/1945-1959-volkswagen-beetle-10_thumb%25255B1%25255D.jpg?imgmax=800)
![1954_volkswagen_beetle-oct3a 1954_volkswagen_beetle-oct3a](http://lh3.ggpht.com/-0FCUbO68_Yo/UGhrb9FDcAI/AAAAAAAABFQ/FZD2GzZmuwE/1954_volkswagen_beetle-oct3a_thumb.jpg?imgmax=800)
![1960vwbeetlessunroof-a 1960vwbeetlessunroof-a](http://lh3.ggpht.com/-OxRRQLwunzY/UGhrftQQunI/AAAAAAAABFg/fsSyf06QDvo/1960vwbeetlessunroof-a_thumb.jpg?imgmax=800)
![Glj01 Glj01](http://lh5.ggpht.com/-IWvaap2gH6U/UGhrkTpHgHI/AAAAAAAABFw/c3sOk3BE5Jw/Glj01_thumb.jpg?imgmax=800)
![](http://lh4.ggpht.com/-XUtWnmKjPCE/UGhrpUUCvoI/AAAAAAAABGA/x71REkXN42A/1949_VW_Beetle_thumb.jpg?imgmax=800)
![941854-300-0 941854-300-0](http://lh5.ggpht.com/-jQm53TMaK6A/UGhrtZ_nOfI/AAAAAAAABGQ/L3sm5Tgr-lA/941854-300-0_thumb%25255B1%25255D.jpg?imgmax=800)
![Volkswagen_Beetle_ Volkswagen_Beetle_](http://lh3.ggpht.com/--zFZkQF5nJo/UGhryu0UYEI/AAAAAAAABGg/QqHkXjNOrsQ/Volkswagen_Beetle__thumb.jpg?imgmax=800)
![Volkswagen_Typ_1_Cabriolet_1953 Volkswagen_Typ_1_Cabriolet_1953](http://lh3.ggpht.com/-Xpjnhf3Ia4A/UGhr2413fYI/AAAAAAAABGw/7ikAW5QldRw/Volkswagen_Typ_1_Cabriolet_1953_thumb.jpg?imgmax=800)
1938 සිට 1960 දක්වා වොක්ස්වැගන් බීට්ල් වාහන මොඩල බලාගැනීමට මෙතනින් යන්න…
වාතයෙන් සිසිල් කරන ලද පිටුපසට සවිවූ එන්ජිමක් සහිත මේ අපූරු වාහනය ලංකාවාසීන් හට නවමු අත්දැකීමක් විය.1953දී ප්‍රථම වාහනය වරායේ සිට යුනියන් පෙදෙසේ ප්‍රදර්ශනාගාරය වෙත ගෙන එනු ලැබූවේ රථ පෙරහැරකිනි. අශ්වයන් 14 දෙනෙකුගේ පිට නැගී සුරූපී ජර්මන් තරුණියන්ද, ජර්මන් වාදක මණ්ඩලයක් ද,ජර්මන් සර්කස් කණ්ඩායමක් මෙයට ද එක්වූ බව සඳහන් වේ.1955 දී අත්ලාන්තික් සයුර හරහා අපනයනය කෙරුණු මෝටර් රථ සංඛ්‍යාව 35000 කට අධික විය. 1956 දී අලෙවිය දෙගුණ විය.1956 දී අලෙවිය මෙන් 1957 අලෙවිය දෙගුණ විය.1959 දී වෝක්ස්වැගන් සමාගම වෙළඳ ප්‍රචාරක නියෝජිතයන් පත් කිරීම සිදුවූ අතර එම වසර තුල අලෙවිය මෝටර් රථ 200,000 ඉක්මවා ගියේය.එම වසරේදී සමාගම විසින් වෑන් රථයක් වෙළඳ පොලට නිකුත් කරනු ලැබීය මෙය “volkswagan type II” ලෙස හැඳින්වීය.
![0616-1964-volkswagen-van-1 0616-1964-volkswagen-van-1](http://lh6.ggpht.com/-Ip7n-q3ri1I/UGhr640KPqI/AAAAAAAABHA/CHCCz9oAoGs/0616-1964-volkswagen-van-1_thumb%25255B1%25255D.jpg?imgmax=800)
1963 දී වාහන 300,000 ක් අලෙවි වූ අතර 1967 වන විට ජ්ර්මනියේ මෝටර් රථ අලෙවිය ඉක්මවා ඇමෙරිකාවේ මෝටර් රථ අලෙවිය ඉහල ගොස් තිබිණි.
1967 දී වෝක්ස්වැගන් නිෂ්පාදනය ප්‍රථම වරට දස ලක්ෂය ඉක්මවීය.එය 1951 දී නිෂ්පාදනයට වඩා දස ගුණයක වැඩිවීමකි.1956 දි වෝක්ස්වැගන් එන්ජින් නිපදවීමට අලුත් කම්හලක් ආරම්භ කරන ලදී.එහි රැකියාවේ යෙදවූ සංඛ්‍යාව විසි දහසකි.1957 කැසල්හිදී ආරම්භ කරන ලද කම්හල වෙන්වූයේ ගියර් බොක්ස් ඇතුළු අනෙකුත් කොටස් නිපදවීමටයි. මේ කාලය වනවිට පැරණි වෝක්ස්වැගන් එන්ජිමක් මුළුමනින්ම අලුත්වැඩියා කොට කිලෝමීටර 10,000 ධාවනය කිරීමට සහතිකයක් ද සමග අලුත් එන්ජිමක මිලෙන් අඩකට ගත හැකි විය. බ්‍ර්න්ස්වික්හි පිහිටි කම්හල වෝක්ස්වැගන් අලුත්වැඩියා කටයුතු වලට අවශ්‍ය ආයුධ නිපදවීම සඳහාම වෙන් විය.අලෙවිය ඉහල ගොස් ලාබ ලැබෙන්නට වූ විට සේවක පහසුකම් පුළුල් කරනු ලැබීය. 1963දී සේවක සංඛ්‍යාව 78,000 දක්වා ඉහල නැග තිබුණි.
1961 දී නව නිෂ්පාදයක් ලෙස 1500 වර්ගයේ රථය වෙළඳ පොලට නිකුත් කරනු ලැබීය.මෙය එකම කම්හලක නිපදවිය නොහැකි බවට මතවාද එල්ලවූ නමුත් ප්‍රථම වසර තුල මෙම වර්ගයේ රථ 100,000ක් අලෙවි වූ අතර එයින් 60%ක් අලෙවි වුයේ ජර්මනිය තුලය.
![Volkswagen-1500_1961_1280x960_wallpaper_01 Volkswagen-1500_1961_1280x960_wallpaper_01](http://lh6.ggpht.com/-qTfDT1XVONc/UGhr_fkcVdI/AAAAAAAABHQ/sIJSkhAzlHU/Volkswagen-1500_1961_1280x960_wallpaper_01_thumb%25255B3%25255D.jpg?imgmax=800)
1970 වනවිට වසරකට වාහන 2,500,000 නිපදවීමට සැලසුම් කොට තිබුණි.මෙම වාහන වලින් 300,000 ඇමෙරිකාවේද, 900,000ක් ජර්මනියේද,40,000ක් බ්‍රිතාන්‍යයේද ඉතිරිය අනෙක් රටවලද අලෙවි කිරීමට බලාපොරොත්තු විය.1972 වනවිට ජර්මනියේ කර්මාන්ත අතර ප්‍රමුඛයා බවට පත්වීමට වෝක්ස්වැගන් සමාගම සමත්විය.එහි වටිනාකම ඩොලර් කෝටි 339.35ක් වූ අතර එහි රැකියාවේ නියුතු සේවකයන් සංඛ්‍යාව 192083 ක් විය. වෝක්ස්වැගන් සමාගම මගින් නිපදවූ වාහන ලොව පුරා රටවල් 136ක ව්‍යාප්ත විය. තවත් වසර 10කින් එනම් 1985 නිපදවූ වෑන් හා කාර් නිෂ්පාදනය හා සසදන විට දෙගුණ වී තිබුණි.
මෙසේ මෙම මෝටර් රථය උණු කැවුම් ලෙස විකිණීමට හේතුව වුයේ එයට යොදාගෙන තිබු තාක්ෂණය හා කල්පැවත්මයි. එහි නිර්මාතෘ වරයා වූයේ ෆර්ඩිනන් පොර්ෂෙය.ඔස්ට්‍රියානු ජාතිකයෙකු වූ ඔහු පසුව ආරම්භ කළ පොර්ෂෙ (Porshe) සමාගම අදවන විට ලෝකයේ ඉහලම නමක් දරාගෙන සිටී. විශේෂයෙන්ම වේගවත් ධාවනයට උචිත ලෙස මේවා නිපදවිනි. වෝක්ස් වාගන් හා පොර්ශේ වාහන වල පෙනුම බොහෝදුරට සමානවේ.එහෙත් පොර්ශේ මෝටර් රථ වල වේගයෙන් වංගු ගැනීමට පහසු වීමට වාහනය පහත් කොට ගුරුත්වකේන්ද්‍රය පහලින් සිටිනා සේ නිමවා ඇත.එම නිසා ඒවායේ උස අඩුය.
![porsche-vw-logo porsche-vw-logo](http://lh4.ggpht.com/-Cpd156NxkXM/UGhsDHHH_hI/AAAAAAAABHg/ZVST7yvYx9Y/porsche-vw-logo_thumb.jpg?imgmax=800)
පැරණි වොක්ස්වැගන් රථ නවීන පොර්ශේ රථ
![profimedia-0052929889 profimedia-0052929889](http://lh5.ggpht.com/-SP3r5xFI2rk/UGhsG7oViXI/AAAAAAAABHw/hNBj2uCg8FY/profimedia-0052929889_thumb7.jpg?imgmax=800)
![2011-porsche-911-gt2-rs 2011-porsche-911-gt2-rs](http://lh3.ggpht.com/-Mu4oIJj-01Q/UGhsO57D8KI/AAAAAAAABIA/I7qCWFoQlI8/2011-porsche-911-gt2-rs_thumb6.jpg?imgmax=800)
![4409337138_ea9edd99eb_z 4409337138_ea9edd99eb_z](http://lh4.ggpht.com/-ktL1SkfyWRY/UGhsTynAsyI/AAAAAAAABIQ/tCdlM9FbxF4/4409337138_ea9edd99eb_z_thumb7.jpg?imgmax=800)
![2007-porsche-911-turbo-front-588x441 2007-porsche-911-turbo-front-588x441](http://lh6.ggpht.com/-G_5fpI6wp5Y/UGhsXy8ycuI/AAAAAAAABIg/aS6hSVO8g9k/2007-porsche-911-turbo-front-588x441%25255B2%25255D.jpg?imgmax=800)
පොර්ශේ සමාගමේ නවීන මෝටර් රථ සඳහා මෙතනින් යන්න…
අද වනවිටත් පැරණි වොක්ස්වැගන් මෝටර් රථ ඉතා ජනප්‍රිය තත්වයේ පැවතීම නිසාම වොක්ස්වැගන් සමාගමට පැරණි මෝටර් රථ අමතර කොටස් බොහොමයක්ද නිපදවීමට සිදුවී තිබේ.වැඩිහිටියන් අතරේ ඇති පෞරාණික තත්වයට නැඹුරු වොක්ස්වැගන් රථ මෙන්ම තරුණයන් අතරේ හැඩය වෙනස් කල වොක්ස්වැගන් රථද බහුලය.වොක්ස්වැගන් රථ භාවිතා කිරීම අද වනවිට සමහරෙක් අතර රැල්ලක් බවට පත්ව ඇත්තේ ද නිසැකවමය.
![1967-Volkswagen-Beetle 1967-Volkswagen-Beetle](http://lh4.ggpht.com/-QJlBWOARgbo/UGhsdNG_geI/AAAAAAAABIw/QLJfwVcjR3k/1967-Volkswagen-Beetle_thumb.jpg?imgmax=800)
![8421_2315 8421_2315](http://lh5.ggpht.com/-wGiQDri65vg/UGhsiNTAIDI/AAAAAAAABJA/q7YNW2SKbpc/8421_2315_thumb.jpg?imgmax=800)
![31016_160228 31016_160228](http://lh3.ggpht.com/-WL3uBRDT7U4/UGhsnI661-I/AAAAAAAABJQ/xM5QPtT-S5E/31016_160228_thumb.jpg?imgmax=800)
![2855313757_4d6978002d 2855313757_4d6978002d](http://lh6.ggpht.com/-RO3Tu4CcSdk/UGhsrBSxzrI/AAAAAAAABJg/lzGVCIJ4Qbo/2855313757_4d6978002d_thumb.jpg?imgmax=800)
![baja_vw_beetle_conversion_yellow_sand_tyres baja_vw_beetle_conversion_yellow_sand_tyres](http://lh3.ggpht.com/-zjYM-bZGIS0/UGhsvggMhDI/AAAAAAAABJw/MpE9Zi5SVBI/baja_vw_beetle_conversion_yellow_sand_tyres_thumb.jpg?imgmax=800)
![vw_van_rex_350 vw_van_rex_350](http://lh6.ggpht.com/-C9fO_Hakgn4/UGhszRO4cbI/AAAAAAAABKA/Zyp01O8zTsI/vw_van_rex_350_thumb.jpg?imgmax=800)
![2141017_27_full_I6X_PakWheels(com) 2141017_27_full_I6X_PakWheels(com)](http://lh6.ggpht.com/-Vn4iz6IJ7Is/UGhs3X1kzhI/AAAAAAAABKQ/bREDdmgDiao/2141017_27_full_I6X_PakWheels%252528com%252529_thumb.jpg?imgmax=800)
![vw-beetle-street-rod-001-1 vw-beetle-street-rod-001-1](http://lh4.ggpht.com/-XS8QJKGoXlQ/UGhtAVhamiI/AAAAAAAABKg/NqlZbbKA4As/vw-beetle-street-rod-001-1_thumb.jpg?imgmax=800)
![11515498-volkswagen-van 11515498-volkswagen-van](http://lh6.ggpht.com/-RlTzZrs-ZGM/UGhtFNXhfXI/AAAAAAAABKw/SrCR2HqgBBs/11515498-volkswagen-van_thumb.jpg?imgmax=800)
![3262895444_a4889be28c 3262895444_a4889be28c](http://lh3.ggpht.com/-cmxDJg-Fus4/UGhtNkykfDI/AAAAAAAABLA/WdE3teaCIRA/3262895444_a4889be28c_thumb.jpg?imgmax=800)
2011වනවිට ලොව වැඩිපුරම අලෙවි වී ඇති වාහන මොඩල 10 අතුරින් වොක්ස්වැගන් බීට්ල් රථයට 4වැනි හිමිය. මෙහිදී තවත් එක් වැදගත්වන කරුණක් වන්නේ ලොව වැඩිපුරම අලෙවි වූ වාහන මොඩල 10ය අතුරින් 3ක් ම වොක්ස්වැගන් රථ වීමයි. අද වනවිට වෝක්ස්වැගන් කර්මාන්ත ශාලා ඉතා සාර්ථක මට්ටමෙන් පවත්වාගෙන යයි. අද වනවිට ලොව වාහන නිෂ්පාදකයින් අතර තුන්වැනි ස්ථානය වොක්ස්වැගන් සමාගමට හිමිය.
ලොව වැඩිපුරම අලෙවි වී ඇති වාහන මොඩල 10 බැලීමට මෙතනින් යන්න.
![97633376 97633376](http://lh6.ggpht.com/-IDpUVwy--4Q/UGhtg1peR_I/AAAAAAAABLQ/3CR9lh8RT_I/97633376_thumb%25255B3%25255D.jpg?imgmax=800)
![volkswagen_storage_towers1 volkswagen_storage_towers1](http://lh6.ggpht.com/--HpbQcEQmWI/UGhtxDnp4lI/AAAAAAAABLg/mGFtIJxjZsU/volkswagen_storage_towers1_thumb%25255B2%25255D.jpg?imgmax=800)
![01 01](http://lh5.ggpht.com/-6m6exedHJBI/UGht7GrMdsI/AAAAAAAABLw/rna_5HX2w7o/01_thumb%25255B2%25255D.jpg?imgmax=800)
![01-volkswagen-bulli-concept630opt 01-volkswagen-bulli-concept630opt](http://lh3.ggpht.com/-QLYbm3nhC6Y/UGhuCugQCKI/AAAAAAAABMA/9qMrXsf5OAk/01-volkswagen-bulli-concept630opt_thumb%25255B2%25255D.jpg?imgmax=800)
![lede-volkswagen-formula-xl1-concept lede-volkswagen-formula-xl1-concept](http://lh4.ggpht.com/-bl_Pd0wDRpE/UGhuKJxTt0I/AAAAAAAABMQ/czeLOsIRaOM/lede-volkswagen-formula-xl1-concept_thumb%25255B4%25255D.jpg?imgmax=800)
![2010-volkswagen-amarok-front-angle 2010-volkswagen-amarok-front-angle](http://lh5.ggpht.com/-7He6RiII-p8/UGhuPTNznlI/AAAAAAAABMg/LIZo72mwfn8/2010-volkswagen-amarok-front-angle_thumb%25255B3%25255D.jpg?imgmax=800)
![2011-vw-eos-live-opt 2011-vw-eos-live-opt](http://lh6.ggpht.com/-1xkdZlXs9cI/UGhuUFvJ4dI/AAAAAAAABMw/PAUWMC2uvhs/2011-vw-eos-live-opt_thumb%25255B2%25255D.jpg?imgmax=800)
![2012_volkswagen_touareg-pic-8502488376242960136 2012_volkswagen_touareg-pic-8502488376242960136](http://lh6.ggpht.com/-70oBvJZhaoU/UGhuatoLDNI/AAAAAAAABNA/DmvACreQCEw/2012_volkswagen_touareg-pic-8502488376242960136_thumb.jpg?imgmax=800)
![2012_vw_tiguan 2012_vw_tiguan](http://lh3.ggpht.com/-nh1JRMJOztA/UGhufyF3Y4I/AAAAAAAABNQ/3DGBCZsh_Kc/2012_vw_tiguan_thumb.jpg?imgmax=800)
![2012-volkswagen-jetta-sedan_100340085_l 2012-volkswagen-jetta-sedan_100340085_l](http://lh3.ggpht.com/-AVQ-1g-5-dE/UGhumlBoZEI/AAAAAAAABNg/FSa906NceCg/2012-volkswagen-jetta-sedan_100340085_l_thumb.jpg?imgmax=800)
![2012-Volkswagen-Tiguan-Facelit-Gp-Sport-Photo1 2012-Volkswagen-Tiguan-Facelit-Gp-Sport-Photo1](http://lh5.ggpht.com/-eHR7lp6DWHI/UGhus0LhGBI/AAAAAAAABNw/mou-pjm6PMs/2012-Volkswagen-Tiguan-Facelit-Gp-Sport-Photo1_thumb.jpg?imgmax=800)
![volkswagen-passat-cc volkswagen-passat-cc](http://lh5.ggpht.com/-Pf4h5ctiA6k/UGhu7DcsyAI/AAAAAAAABOA/pWC1xkVXA0Y/volkswagen-passat-cc_thumb.jpg?imgmax=800)
![vw_golf vw_golf](http://lh6.ggpht.com/-2HhveS6nkRQ/UGhvK_-udhI/AAAAAAAABOQ/T33vhE-1II0/vw_golf_thumb.jpg?imgmax=800)
2012 වසරේදී නිෂ්පාදනය කෙරුණු නවතම වොක්ස්වැගන් බීට්ල් රථය
![wheels-bug2-blog480 wheels-bug2-blog480](http://lh5.ggpht.com/-e6pxMQpX8xc/UGhvO7etKuI/AAAAAAAABOg/OVIKcUqC7o4/wheels-bug2-blog480_thumb%25255B5%25255D.jpg?imgmax=800)
![20-2012-vw-beetle-debut-opt 20-2012-vw-beetle-debut-opt](http://lh3.ggpht.com/-Z5E0dmU2k8s/UGhvTFTa1MI/AAAAAAAABOw/AwqL3kR_fjs/20-2012-vw-beetle-debut-opt_thumb%25255B5%25255D.jpg?imgmax=800)
1938 සිට අද වනතුරුත් ලොව මවිතකල මෙම අපූරු නිමැවුම මනුෂ්‍යය වර්ගයාගේ මතකයට අමුතුම හැගීමක් එක්කරමින් සදාකල් වැඦඹෙනු නිසැකයි.
![view.php view.php](http://lh3.ggpht.com/-B3u6sP_o9kE/UGhvXycjfJI/AAAAAAAABPA/hx6EcStOCGs/view.php_thumb%25255B3%25255D.jpg?imgmax=800)