2012-01-10

වැල් පාලම

මෙගොඩ සිට එගොඩ දෙස බලමි.එගොඩ නම් සුන්දරය.එහෙත් මෙගොඩ? නොපෙනේ එය තවම නොපෙනේ. එය පෙනෙනුයේ එගොඩට ගොස් ආපසු හැරී බැලූ විටය.පහලින් ඇති ප්‍රපාතය දෙස බලනු! ආරක්ෂාවට ඇති පවුරු වළලු වැනි ගස් අතු නිසා පහල ඇති ප්‍රපාතයද නොපෙනේ. එහෙත් පහලට වැටෙනා සියල්ලෝම එය අත්දකිති.වැල් පාලමේ ඇති ලෑලි සියක් දහස් මනුෂ්‍ය වර්ගයාට එගොඩ යාමට සහය දක්වා ඇති බැව් බැලූ බැල්මට පෙනේ. මෙය එගොඩ වීමට තිබූ එකම පාලම නොවේ.තවත් පාලම් දෙකක් ම තිබී ඇත.සමහරෙක් පළමු පාලමෙන් ම එගොඩ වෙති.සමහරෙක් පළමු පාලමෙන් ම ඇදවැටී දෙවැනි පාලමෙන් එගොඩ වීමට උත්සාහ දරති.දෙවැනි පාලමෙන් ද ඇදවැටුණු සමහරෙක් කරබාගනිති.සැබවින්ම මෙය වීර්ය පාරමිතාවකි. දෙවැනි පාලමෙන් ද ඇදවැටුණු සමහරෙක් තුන්වැනි වැල් පාලම වෙතද ගමන් කරය්.මාර්ගය ඍජුය.පෙනෙන තෙක් මානයක බාදක ද නැත. එහෙත් ගමනාන්තය නම් අපැහැදිලිය.ශක්තිය ලැබේවාය් පතන්නෙමි '3rd shy'( තුන්වැනි වෑයම) වැල් පාලමින්වත් එගොඩ වන්නට.

8 comments:

  1. අඩේ!
    උඹ මේක මටම ලියලද කොහෙද බං ?
    කොහොම උණත් වටින අදහසක් !

    ReplyDelete
  2. මං නම් ඔය පාලම් තුනේම ගියා!!!

    ReplyDelete
  3. මමත් යන්න ඉන්නේ :D

    ReplyDelete
  4. අපේ ඉස්කෝලේ ලඟම වැල් පාලමක් තිබුනා.පොඩි කාලේ එකේ එහා මෙහා යන්න මාර ආසයි.පොස්ට් එකේ යටි අරුමන ගැන මොනවත් කියන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ලොකු වෙලා වැල් පාලමේ ගියේ නැද්ද?? :)

      Delete
  5. මලයා මේ දවස්වල වැල් පාලමෙන්වත් ගොඩ යන්න පුරුදු වෙනවා ඇති නේද :D

    ReplyDelete

වැරදි හදාගන්න,තවත් ඉගෙනගන්න,හිතේ තියෙන දේ කියලම යන්න