2012-05-21

අපේ ගම

                                                           
කොග්ගල,කතළුව,අහංගම,වැලිගම,මාතර,මාතර,මාතරේ
ඕක නම් ඉතින් ගාල්ල-මාතර බස් එකක යන ඕනෑම එක්කෙනෙක් අහල ඇති. ගාල්ලේ ඉඳං යන එක්ස්ප්‍රස් බස් එකක කොන්දොස්තර කෙනෙක් කොහොමත් කියන්නේ ඔය ටික විතරය් ට කලින් ඒවා කියන්නේ නෑනේ. ඔය කියපුවයින් මම ඉන්නේ කොග්ගලත්  කතළුවත්  අතර නේ.
                                 1 copy
1new copy  ගාල්ලේ ඉඳං කතලුවට බස් ගාස්තුව 32ය් කොග්ගලත්,කතලුවත් අතර තියෙන්නේ හූවක  දුරක්  කිලෝමීටරයක් විතර දුරක්. අපේ ප්‍රදේශේ තියෙන සුන්දර බවත් විශේෂ බවත්  නිසාම මෙහෙ දෙස්,විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්වෙලා තියෙනවා, ඒ මොකෝ මෙහෙ එච්චර විශේෂ ??
කව්රුත් දන්නව ඇති මාර්ටින් වික්‍රමසිංහ ශූරින් වැඩි විස්තර කියන්න ඕනේ නෑනේ.    
                                                  z_p7-MartinW 
කලියුගය,යුගාන්තය,මඩොල් දූව,ගම්පෙරලිය වගේ පොත් රාශියක් ලියපු ලෝකප්‍රසිද්ද ලේඛකයා එතුමා අපේ ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණු කෙනෙක්.
     955841509XD      SB464      SB4785
කොග්ගලට ආවොත් එතුමා නමින් නම් කරලා තියෙන “මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය” බලන්න පුළුවන් මම නම් දෙනුත්පාරක්ම බලල තියෙනවා ඒත් එපා වෙන්නේ නෑ, දකින්න වටිනා මෙච්චර කාලෙකට දැකපු නැති හුගක් දේවල් දැකබලාගන්න අවස්තාවක්  ඒක. මෙහෙ ආවොත් මාර්ටින් වික්‍රමසිංහ මහතා ජීවත් වූ නිවස, ඒ විතරක් නෙමි එතුමා භාවිතාකල බඩු බාහිරාදියත් දැකබලාගන්න පුළුවන්.
4855377133_5d59335fd1_z6230158722_84f08d63e2_z 
mw 2mw 3
අපේ රටේ සංස්කෘතිය,ඉතිහාසය ගැනත් මෙහෙ ආවොත් ඉගෙනගන්න හුගක් දේවල් තියේවී, මෙන්න මේ පින්තුර එව්වට සාක්කි, ඔක්කොම දැම්මොතින් ගතියක් නැහැ නෙව මීට වඩා හුගක් දේවල් තියෙනවා ඇවිල්ලම බලන්නකෝ
koggala-5MartinWickramasingheMuseum2MartinWickramasingheMuseum6CIMG0052z_p13-Rediscovering2MartinWickramasingheMuseum8
තා පොඩ්ඩෙන් අමතක වෙනෝ කස්ටිය දන්නෝ නේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ මඩොල් දූව පොතේ සඳහන් වෙන මඩොල් දූව ඒකත් අපේ ඒරියා එකේ නේ.
1233  කොග්ගල කලපුවත් එක්ක බැලුවම මඩොල් දූව කොච්චර සුට්ටිද කියල පේනෝ නේ,
6 copy                මඩොල් දූවත් එක්ක බැලුවම කොග්ගල කළපුව කොච්චර විසාලද කියල පේනෝ නේ ,
මේක බලන්න නම් දුර ඉඳලම මිනිස්සු එනවා. ඒ මිනිස්සු දූවට ට්‍රාන්ස්පෝර්ට් කරලා ඒකෙන ජීවත් වෙන මිනිස්සුත් අපේ පැත්තේ ඉන්නවා. ඉස්සර නම් අපේ පැත්තේ නය්,පොලොන්ගු ඔක්කොම මඩොල් දූවට ගෙනල්ල දාල යනවලු නේ, හැබැය් දැන්නම් මොකෙක් වත් නෑ.
12 z copy
ඔය ඊතලේ පටන් ගන්න තැන ඉඳං මඩොල් දූවට පීනන එක එච්චර කජ්ජක් නෙමි.එතෙන ඉඳං මඩොල් දූව පෙන්නේ මෙහෙම,                                               DSC02658   DSC02659
පහල වම් පැත්තේ තියෙන රූපේ ඊතලේ පටන් ගන්න තැන ඉඳං බැලුවම ලස්සනට රේල් පාරය්, A2 පාරය්  පේනවා නෙව, දකුණු පැත්තේ රූපේ තියෙන්නේ පෙන හැටි,ටිකක් සූම් කරලා ගත්ත එකක්.
km copy  DSC02656
මේ පින්තුරේ නම් A2 පාරේ පාලම උඩ ඉඳං මඩොල් දූව පැත්තට කැමරාව හරවල ගත්තු එකක් ඒ කියුවේ ඊතලේ රිවර්ස් එක
                    58320278
කොග්ගල කලපුවේ උඩහට වෙන්න නම් පත කිඹුල්ලුත් ඉන්නව, ඒ උනාට මිනී නොකය් කොග්ගල කිඹුලීගේ පැටියාලු.මඩොල් දූව ඇරුනම තා දූපත් කීපයක් මේ කලපුවේ තියෙනව.කුරුළු දූව ඒවායින් එකක් ඒකේ ඉස්සර පට්ට ගති කුරුල්ලෝ හිටියලු නේ දැන්නම් එකෙක් වත් නෑ මං හිතන්නේ.  
අපේ ප්‍රදේශය මෙච්චර විශේෂ වෙලා තියෙන තවත් හේතුවක් තමය් අපේ ප්‍රදේශයටම ආවේනික වෙලා තියෙන රිටිපන්න මාළු බෑමේ ක්‍රමය, පල්ලෙහා පින්තුර බැලුවම වැඩේ මීටර් වේවි.
173807165634782Sri Lanka 19srilankafishing_617
විදේශික අයට නම් මේක මැජික් වගේ,මේ ඊයේ පෙරේදත් මම බස් එකේ එනකොට දැක්ක සුදු මහත්තයෙක් මාළු බාන එක්කෙනෙක් ගෙන් පොඩි චෑන්ස් එකක් ඉල්ලගෙන මේ රිටක් උඩ නැගල මාළු බානව.
කොග්ගල ගුවන්තොටුපොලකුත් තියෙනවා හැබය් ඉතින් එකේ මිග්27 ,බෝයිං 747 වගේ ඒවානම් නවත්තන්න අමාරුය්ලු, මේන් මේ වගේ ඒවා නම් පුළුවන් මේක කොග්ගල ගුවන් තොටුපොළේ ගත්තු පින්තූරයක්
                      33807_499166461519_649736519_6165803_406890_n
තා විශේෂතාවක් තියෙනවා ලංකාවෙන්ම කොග්ගල විතරය් මේ විදියේ තැනක හම්බවෙන්නේ, ලංකාවේ විතරක් නෙමි, ලෝකෙම්ම කොග්ගල විතරය් ලු මේ විදියට තියෙන්නේ.මේ විදියට කියුවේ, වාහනේකින්,නැවකින්,පයින්,ගුවනින්,කෝච්චියෙන් එකම තැනක එකම වෙලාවක ගමන් ගැනීමට තියෙන හැකියාව. තේරුණා මදි වගේ නේද, මේ පින්තූරේ බැලුවම මීටර් වේවි
5
ගුවන් තොටුපොළේ, A2 මාර්ගයේ තව වැඩි විස්තර සඳහා මෙතනින් යන්න.
මේ පදික තීරුවත් එසේ මෙසේ එකක් නෙමි වෙනමම තියෙන්නේ.
                        3382271
ඔය පින්තූරේ මැද්දෙන්ම තියෙන්නේ පදිකයන්ට වෙන්වූ තීරුව, ඊට දකුණු පැත්තේ ගාල්ල-මාතර පාර ඒ කියුවේ A2, වම් පැත්තේ රේල් පාර ඊටත් එහා පැත්තේ ගුවන් තොටුපොළ මූද නම් පෙන්න නෑ හොඳේ කොරන්න දෙයක් නෑ.මීට අමතරව ඕන නම් කොග්ගල කලපුව දිගේ බෝට්ටුවකින්,බත්තලකින් යන්නත් පුළුවන් , එයාර් ටැක්සිත් කොග්ගල කලපුවේ නවත්තනවා නෙව ඒ කියුවේ මේන් මේ වගේ ඒවා
                                            Sri_Lankan_Airlines_air_taxi_Service_13-300x202
ඔයාලට කියන්න ලංකාවෙන්ම මිලාදිකම අතුරුපස සිංහලින් කියුවොත් ඩෙසර්ට් එක තියෙන්නෙත් කොග්ගලම තමය්, මීට අවූරුදු කීපෙකට කලින් නම් ලෝකෙන්ම මිලාදිකම අතුරුපස තිබ්බේ කොග්ගළලු වැඩි විස්තර මෙතනින් .කොග්ගල කියුවේ කොග්ගල තියෙන “The Fortress” හොටෙල් එකේ.මේන් අතුරුපස.
         fortress-stilt-fisherman-indulgence-most-expensive-desserts  (1)fortress-stilt-fisherman-indulgence-most-expensive-desserts  (2)
$14500, $1ක්=රුපියල් 125ක් කියල ගත්තොත් මගේ කැල්කූලේටරේ හැටියට රුපියල් 1,812,500 ආයේ පිස්සුවක් ඇතෑ, ඔච්චර ගානකට අතුරුපස කන්න රුහුණේ මීකිරි තියෙද්දී.ඕක කන්න නම් ඉතින් පිස්සෙක් වෙන්න ඕන. දැනටත් ලෝකේ මිලාදිකම අතුරුපස වලින් පස්වෙනි ස්ථානය මේක තමය්. මිලාදිකම අතුරුපස 10ය බලාගන්න මෙතනින් යන්න.
“The Fortress” හොටෙල් එක මෙන්න
                 9 copy
        Fortress (5)   Fortress (4)                   Fortress (3)  Fortress (2)
අපේ ප්‍රදේශේ ගැන කතා කරනකොට ඉතින් මූදු වෙරළ ගැනත් කතා නොකරම බෑ.මේ පොට් එකේ නාකියාගන්න ගාල්ලේ ඉඳගෙනත් කස්ටිය එනව නෙව.
                                  35
මේ ටිකත් කොග්ගල මූදු වෙරළේ ලස්සනට සාක්ෂි දරනවා සාක්කි,බලලම යන්නකෝ
5718050  57173465909714 5909879                                                 1738071
ප.ලි-ගූගල් දෙය්යෝන්ටත් මන්නොගත්තු පින්තූර වල අයතිකාරයොන්ටත් බෙහෙවින් පින් !!

2012-05-14

තරුණ සිතක් නිහඬ විය

 

“observer” නමින් අප අතරට පැමිණ,සය්බරයේ සිතුවිලි අකුරු ගෙත්තම් කලා වූ ඔබ,

ඔබා මාමා ලෙස අපගේ ලෙන්ගතු ඇමතුමට පාත්‍ර වූ ඔබ,

නිහතමානීව, තරුණ හදවත් වල රිද්මය ස්පර්ශ කලා වූ ඔබ,

යහපත් සැමියෙක්, පියෙක් ලෙස කල් ගෙවූ ඔබ,

අප මුවගට සිනාව එක්කරමින්,අත්දැකීම් බෙදාගැනීමට මැලි නොවූ ඔබ

මිනිසෙකු නොවී මනුස්සයෙකු වූ ඔබ,

අප සැම හැරදා කෙසේ යනවාද තනියම අද ඔබ……..??

254814_173881899338637_100001504848934_445318_6502445_n

සනත් විජේවර්දන මහතාණෙනි,ඔබට නිවන් සුව….. !!!

2012-05-01

කම්කරු දිනය හා යලි පිබිදීම

                                             Red-032-Socialism-032-vs-032-Communism_big                                                       ෂා!! මැය් පළවෙනිදා දවස් 365 න් මම ආසමකරන දවසක්,මැය් දිනය ලෝක කම්කරු දිනය කියලත් හදුන්නනවා කියල හැමෝම දන්නවනේ,ඒත් ඉතින් ඒකෙ ආරම්භය,ඉතිහාසය එහෙම කට්ටිය දන්නේ නැතුවැති සමහරවිට දන්නවත් ඇති, දන්නැති ඈයෝන්ට කෙටියෙන් කියන්නම් කෝ,කම්කරු දිනය සැමරීමට ලෝක වාසි ජනයා පටන්ගත්තේ ක්‍රි.ව.1886 ලුනේ. ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේ තම අය්තීන් වෙනුවෙන් සටන් වැදි කම්කරුවන් පිරිසකට වෙඩිතබා විශාල පිරිසක් ඝාතනය කිරිම මුල් කරගෙන තමය් එය ඇරබිලා තියෙන්නේ ,අද වනවිට රටවල් 80 කට වැඩි ගනනක් ලෝක කම්කරු දිනය සමරනු ලබනවා.අපේරටේ පාට පාට ඈයෝ ඒක ඒක පැති වල කම්කරු දිනය සැමරුව කියල කස්ටිය දන්නවා ඇති නේ. අද මුල් පිටුව බැලුව නම් එල කිරි වගේ කාටුන් ටිකක් බලාගන්න තිබ්බ Laughing out loud 19 වන සියවස වනවිට අපේ රටේ කම්කරුවන් දේශීය නාගරික කම්කරුවන් හා ඉන්දියානු වතු කම්කරුවන් වශයෙන් කොටස් දෙකකට බෙදිලා ඉඳල තියෙනව.තම අය්තිවාසිකම් සඳහා මුලිම්ම උද්ඝෝෂණය කරලා තියෙන්නේ කොළඹ මූලික කරගෙන නාගරික කම්කරුවන් ඒ කියන්නේ “නාටාමි”ලා වෙන්ටෑ. 1893 කොළඹ මුද්‍රණකරුවන් විසින් ආරම්භ කරන ලද  වැඩ වර්ජනය කම්කරු අරගලයක මුහුණුවර ගත් ප්‍රථම අවස්ථාව ලෙස සැලකෙනවා. 19 වන සියවස අග භාගයේදී මධ්‍යම පන්තියේ සහය ලබාගෙන කම්කරුවන් “කරත්තකරුවන් ගේ වැඩවර්ජනය” ,”වැල්ලවත්ත රෙදි මොලේ වර්ජනය” වගේ වැඩවර්ජන කීපයක්ම පවත්තල තියෙය් කියනව නේ, මේ කාලයේ ආරම්භ වූ ලංකා බ්ලොග් කරුවන්ගේ සංගමය “ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය “ ශ්‍රී ලංකාවේ ප්‍රථම වුත්තීය සංගමය ලු.
කොහොම උනත් අපේ රටේ ජනතාවට නම් මැය් දින පෙළපාලියක අසිරිය ඉස්සෙල්ලම දැකගන්නට ලැබුනේ 1934 අව්රුද්දෙය් කියනවා නේ.ඒකාලේ ලංකාවේ කම්කරු දිනයන් හරිම අරගලකාරී විදියට තමය් පැවැත්වෙල තියෙන්නේ. ඒ කම්කරුවන් තමන්ගේ ඉල්ලීම් කම්කරු දිනය දවසේ ඉදිරිපත් කල නිසා. නමුත් 1956 කම්කරු දිනය නිවාඩු දිනයක් බවට පත් කරායින් පසුව එහි තිබු දේශපාලන සාරය මැකී ගිහිල්ල තියෙනවා.එකට හේතුව වෙලා තියෙන්නේ ඊට කලින් පවත්තපු කම්කරු දින බලෙන් පැවැත්වූ නීති ගත නොවූ ඒවා නිසා.කොහොම උනත් රටක අත්තිවාරම වගේ කම්කරු පන්තිය දේශපාලන බලය ඔස්සේ හුදකලාවීම හා අතුගෑවීයාම කාටවත් වලක්වන්න පුළුවන් වෙන එකක් නෑ.
“රටවලට නිදහස අවශ්‍යය්, ජාතීන්ට විමුක්තිය අවශ්‍යය්, ජනතාවට විප්ලවය අවශ්‍යය්”- චීන හිටපු අගමැති චෞ-එන්-ලාය්
කම්කරුවා,පාරිභෝගිකයා අද හුගක්ම අසරණ වෙලා, දුක්පත් කාර්යය බහුල මිනිසාගේ ප්‍රදාන ආහාරය පාන්, මිල ඊයේ පෙරේද ආයෙත් ඉහල ගියාලු(පාන් විතරක් නෙමේ), අපේ පාරිභෝගිකයන් සහන ඉල්ලුවිට දේශපාලුවන් කියන්නේ “පාන් බැරිනම් බත් කාපන් “ කියලාන් හරියට “මාරි ඇන්ටෝනියෝ” බිසව කියුව වගේමය් , මම පුද්ගලිකව නම් එකට කැමතිය් මොකද බත් තමය් අපේ ප්‍රධාන ආහාරය වෙන්ට ඕන.ඒත් වෙලාවක් නැත්තම් පාන් හරි කාලා ජීවත් වෙන්න එපාය Annoyed  කොහොම උනත් ඒවා වෙනස් කරන්න පුළුවන් අපිටම විතරය් හරියට කම්කරුවන් තම අය්තීන් දිනාගන්නවා වගේ.කිසිදු ලේ වැගිරීමකින් තොරව  පාරිභෝගිකයාත් තම අය්තීන් වෙනුවෙන් සටන් කරන්න ඕන.රටේ සෑම බිම් අගලකම අයතිය අපිටම නේ ඒවගේම අපිත් අය්ති මේ රටට ය් රටේ දියුණුවට කම්කරු පන්තිය ශක්තිමත් වෙන්නෝන ඒවගේම පාරිභෝගිකයාට ආර්ථික ප්‍රශ්න අවම වෙන්න ඕන. ඉතින් අයතීන් වෙනුවෙන් සටන් කිරීමට මිනිසාට අය්තියක්‌ තියෙන්ට එපය්

පසු කතා -Confused smile මාස 3ය් දවස් 1කට පස්සේ තමය් පොස්ට්ටුවක් දැම්මේ(මගේ බ්ලොග් 1 පටන් ගත්ත ගමන වහල දාන්න වෙය් කියලා මම හිතුවේ), ප්‍රශ්න ගොඩකට හිර වෙලා උන්නා, බ්ලොග් 1ක් කියවන්නවත්,ලියන්නවත් වෙලාවක් උනේ නෑ 1ක් 2ක් වගේ කියෙව්වා සමහරක් එව්වා ෆලෝ නොකර කියෙව්වා හුගක් එව්වට කමෙන්ටු දැම්මෙත් කලාතුරකින් ඒත් අපේ අම්මා කියපු විදියට මම දැන් කාල සටහනකට වැඩකරනවා Clock, මට තිබුන එක ප්‍රශ්නයක් තමය් උදේම්ම නැගිටින්න බැරි වෙච්ච එක ඒ මම එලාම් ඒක ඕෆ් කරලා ආයේම නිදාගන්න නිසා Laughing out loud, එකට පිලියමක් විදියට මම ප්‍රශ්න අහන එලාම් එකක් බාගත්ත ජංගම දු.ක.ට දැන් නම් එලාම් ඕෆ් කරලා දොය්යනව බොරු   ඊට පස්සේ කලාස් යන්නත් එපය්.  ප්‍රශ්න නම් කාටද නැත්තේ නේද නැට්ට පිටින් අලි මැරෙන්නෙ යාල කැලේ, මේවත් ප්‍රශ්නද ඔන්න එහෙනම් මම අද ඉඳල දිගටම එනවා ලියනවා කියවනවාThumbs up

හත්තිලව්වේ  මේකේ කමෙන්ටු දාන්න බැරුව තිබ්බ නේ ඔන්න දැන්නම් හරි වගේ