2012-01-30

සඳ

කව්ළුදොර හැර අන්ධකාරයේ සිට  IMG_5277
ආලෝකමත් සඳ
නුඹ දෙස බලනා මා යුග නෙත්
කඳුලින් තෙමීමට
කෙතරම් දරදඬු  ද නුඹ හිත

විටෙක සිනාසෙන
විටෙක රවන
තවත් විටෙක සැඟවෙන සඳ
අපහසුය වටහා ගැනීමට
 
අසාධාරණ සඳ
මා නෙතු කිරණින් ගැලවීමට
අඹ ගසට සැඟවෙන
කුමක් කරන්නද මා
නුඹ නැති නිමේශයට               

නොපැතුවෙමි නොබැලුවෙමි
සුව හසක් තරුදෙස
බැලුවේ පැතුවේ එකම එක්
සඳක් දෙස
පමාවීද මා සඳට නෑකම් කියන්නට
විරහ ගී දහසකුත් මදි මට ගයන්නට!!! 

20 comments:

  1. ෂඃ... මරුනේ මල්ලි... ලස්සනයි කවි ටික.. මාත් ලියන්න හිටිය සඳ ගැන.. දැන් පරක්කු කරන්න වෙයි වගේ ඒක..:) ජයවේවා!!!

    ReplyDelete
  2. තැන්කූ වේවා!!! අක්කත් ලියන්න කෝ, =)

    ReplyDelete
  3. මලයා අපි හදමු රොකට් එකක් හද අල්ලන්න. එහෙමත් හැංගෙන්න දෙන්න පුලුවන්ද ඔය හදට. හෙහ් හෙහ් ....
    නියමයි කොලුවෝ ඔහොම යාන් ඔහොම යාන්....

    මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරලා දාපන් මලයෝ. නැත්තම් කමෙන්ටු දාන්න අමාරුයි බං

    ReplyDelete
  4. ඒක අයින් කරා අය්යේ, හඳ අල්ලන්න රොකට් හදනවට වඩා ලේසිය් ගහ කපලා දාමුද ?? :/

    ReplyDelete
  5. //පමාවීද මා සඳට නෑකම් කියන්නට
    විරහ ගී දහසකුත් මදි මට ගයන්නට!!! //

    නියමයි මල්ලී!!! හරිම අපූරුයි!!! දිගටම ලියන්න අද ඉඳන් මාත් එනවා කියවන්න..ජයම වේව!!

    ReplyDelete
  6. එල එල මල්ලි !
    නියමයි!
    බලන යනකොට උඹ හොද කවියෙක්නේ!:))

    ReplyDelete
  7. ඒකනම් දන්නේ නෑ :)

    ReplyDelete
  8. අන්තිම පේලි දෙක හරිම ලස්සනයි...

    ReplyDelete
  9. අඩෝ මොකකින්ද බං ඕක උපුටා ගත්තේ? පොත් වල තියෙන ඒවා දල ප්‍රසිද්ද වෙන්න උඹට ලජ්ජා නැද්ද?

    ReplyDelete
    Replies
    1. ආයේ පිස්සුවක් ඇතැ, මෙව්වා ස්ව නිර්මාණ !!

      Delete
  10. නොපැතුවෙමි නොබැලුවෙමි
    සුව හසක් තරුදෙස
    බැලුවේ පැතුවේ එකම එක්
    සඳක් දෙස
    පමාවීද මා සඳට නෑකම් කියන්නට
    විරහ ගී දහසකුත් මදි මට ගයන්නට!!!

    nice..

    ReplyDelete
  11. පුබුදු තණමල්විල පැත්තෙ වත් ගියාද ලඟදි ? හෙහ්...හෙහ්...

    ReplyDelete
  12. පිස්සුද ඔබා මාමා, දුකට ඇතිවෙන සිතුවිලි ;)

    ReplyDelete
  13. මොකද මලේ ඇත්තටම වුනේ.ඕවා ඔහොම තමයි

    ReplyDelete
    Replies
    1. මොනවා වෙන්නද අය්යේ :(
      නන්නාදුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා
      මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා...

      Delete
  14. සඳ එළිය මමයි නම්,
    සඳ සාවී මගේ මැණික!

    ඔව්ව හිතට ගන්න එපා මලයෝ!

    ReplyDelete

වැරදි හදාගන්න,තවත් ඉගෙනගන්න,හිතේ තියෙන දේ කියලම යන්න