කව්ළුදොර හැර අන්ධකාරයේ සිට
ආලෝකමත් සඳ
නුඹ දෙස බලනා මා යුග නෙත්
කඳුලින් තෙමීමට
කෙතරම් දරදඬු ද නුඹ හිත
විටෙක සිනාසෙන
විටෙක රවන
තවත් විටෙක සැඟවෙන සඳ
අපහසුය වටහා ගැනීමට
අසාධාරණ සඳ
මා නෙතු කිරණින් ගැලවීමට
අඹ ගසට සැඟවෙන
කුමක් කරන්නද මා
නුඹ නැති නිමේශයට
නොපැතුවෙමි නොබැලුවෙමි
සුව හසක් තරුදෙස
බැලුවේ පැතුවේ එකම එක්
සඳක් දෙස
පමාවීද මා සඳට නෑකම් කියන්නට
විරහ ගී දහසකුත් මදි මට ගයන්නට!!!