2012-01-10
වැල් පාලම
මෙගොඩ සිට එගොඩ දෙස බලමි.එගොඩ නම් සුන්දරය.එහෙත් මෙගොඩ? නොපෙනේ එය තවම නොපෙනේ. එය පෙනෙනුයේ එගොඩට ගොස් ආපසු හැරී බැලූ විටය.පහලින් ඇති ප්‍රපාතය දෙස බලනු! ආරක්ෂාවට ඇති පවුරු වළලු වැනි ගස් අතු නිසා පහල ඇති ප්‍රපාතයද නොපෙනේ. එහෙත් පහලට වැටෙනා සියල්ලෝම එය අත්දකිති.වැල් පාලමේ ඇති ලෑලි සියක් දහස් මනුෂ්‍ය වර්ගයාට එගොඩ යාමට සහය දක්වා ඇති බැව් බැලූ බැල්මට පෙනේ. මෙය එගොඩ වීමට තිබූ එකම පාලම නොවේ.තවත් පාලම් දෙකක් ම තිබී ඇත.සමහරෙක් පළමු පාලමෙන් ම එගොඩ වෙති.සමහරෙක් පළමු පාලමෙන් ම ඇදවැටී දෙවැනි පාලමෙන් එගොඩ වීමට උත්සාහ දරති.දෙවැනි පාලමෙන් ද ඇදවැටුණු සමහරෙක් කරබාගනිති.සැබවින්ම මෙය වීර්ය පාරමිතාවකි. දෙවැනි පාලමෙන් ද ඇදවැටුණු සමහරෙක් තුන්වැනි වැල් පාලම වෙතද ගමන් කරය්.මාර්ගය ඍජුය.පෙනෙන තෙක් මානයක බාදක ද නැත. එහෙත් ගමනාන්තය නම් අපැහැදිලිය.ශක්තිය ලැබේවාය් පතන්නෙමි '3rd shy'( තුන්වැනි වෑයම) වැල් පාලමින්වත් එගොඩ වන්නට.
Subscribe to:
Post Comments (Atom)
අඩේ!
ReplyDeleteඋඹ මේක මටම ලියලද කොහෙද බං ?
කොහොම උණත් වටින අදහසක් !
umbata witharak nemai bt umbatath ekka
ReplyDeleteමං නම් ඔය පාලම් තුනේම ගියා!!!
ReplyDeleteමමත් යන්න ඉන්නේ :D
ReplyDeleteඅපේ ඉස්කෝලේ ලඟම වැල් පාලමක් තිබුනා.පොඩි කාලේ එකේ එහා මෙහා යන්න මාර ආසයි.පොස්ට් එකේ යටි අරුමන ගැන මොනවත් කියන්නේ නැහැ.
ReplyDeleteලොකු වෙලා වැල් පාලමේ ගියේ නැද්ද?? :)
Deleteමලයා මේ දවස්වල වැල් පාලමෙන්වත් ගොඩ යන්න පුරුදු වෙනවා ඇති නේද :D
ReplyDeleteඔව් ඔව් :ඩ්
ReplyDelete