2012-05-21

අපේ ගම

                                                           
කොග්ගල,කතළුව,අහංගම,වැලිගම,මාතර,මාතර,මාතරේ
ඕක නම් ඉතින් ගාල්ල-මාතර බස් එකක යන ඕනෑම එක්කෙනෙක් අහල ඇති. ගාල්ලේ ඉඳං යන එක්ස්ප්‍රස් බස් එකක කොන්දොස්තර කෙනෙක් කොහොමත් කියන්නේ ඔය ටික විතරය් ට කලින් ඒවා කියන්නේ නෑනේ. ඔය කියපුවයින් මම ඉන්නේ කොග්ගලත්  කතළුවත්  අතර නේ.
                                 1 copy
1new copy  ගාල්ලේ ඉඳං කතලුවට බස් ගාස්තුව 32ය් කොග්ගලත්,කතලුවත් අතර තියෙන්නේ හූවක  දුරක්  කිලෝමීටරයක් විතර දුරක්. අපේ ප්‍රදේශේ තියෙන සුන්දර බවත් විශේෂ බවත්  නිසාම මෙහෙ දෙස්,විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්වෙලා තියෙනවා, ඒ මොකෝ මෙහෙ එච්චර විශේෂ ??
කව්රුත් දන්නව ඇති මාර්ටින් වික්‍රමසිංහ ශූරින් වැඩි විස්තර කියන්න ඕනේ නෑනේ.    
                                                  z_p7-MartinW 
කලියුගය,යුගාන්තය,මඩොල් දූව,ගම්පෙරලිය වගේ පොත් රාශියක් ලියපු ලෝකප්‍රසිද්ද ලේඛකයා එතුමා අපේ ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණු කෙනෙක්.
     955841509XD      SB464      SB4785
කොග්ගලට ආවොත් එතුමා නමින් නම් කරලා තියෙන “මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය” බලන්න පුළුවන් මම නම් දෙනුත්පාරක්ම බලල තියෙනවා ඒත් එපා වෙන්නේ නෑ, දකින්න වටිනා මෙච්චර කාලෙකට දැකපු නැති හුගක් දේවල් දැකබලාගන්න අවස්තාවක්  ඒක. මෙහෙ ආවොත් මාර්ටින් වික්‍රමසිංහ මහතා ජීවත් වූ නිවස, ඒ විතරක් නෙමි එතුමා භාවිතාකල බඩු බාහිරාදියත් දැකබලාගන්න පුළුවන්.
4855377133_5d59335fd1_z6230158722_84f08d63e2_z 
mw 2mw 3
අපේ රටේ සංස්කෘතිය,ඉතිහාසය ගැනත් මෙහෙ ආවොත් ඉගෙනගන්න හුගක් දේවල් තියේවී, මෙන්න මේ පින්තුර එව්වට සාක්කි, ඔක්කොම දැම්මොතින් ගතියක් නැහැ නෙව මීට වඩා හුගක් දේවල් තියෙනවා ඇවිල්ලම බලන්නකෝ
koggala-5MartinWickramasingheMuseum2MartinWickramasingheMuseum6CIMG0052z_p13-Rediscovering2MartinWickramasingheMuseum8
තා පොඩ්ඩෙන් අමතක වෙනෝ කස්ටිය දන්නෝ නේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ මඩොල් දූව පොතේ සඳහන් වෙන මඩොල් දූව ඒකත් අපේ ඒරියා එකේ නේ.
1233  කොග්ගල කලපුවත් එක්ක බැලුවම මඩොල් දූව කොච්චර සුට්ටිද කියල පේනෝ නේ,
6 copy                මඩොල් දූවත් එක්ක බැලුවම කොග්ගල කළපුව කොච්චර විසාලද කියල පේනෝ නේ ,
මේක බලන්න නම් දුර ඉඳලම මිනිස්සු එනවා. ඒ මිනිස්සු දූවට ට්‍රාන්ස්පෝර්ට් කරලා ඒකෙන ජීවත් වෙන මිනිස්සුත් අපේ පැත්තේ ඉන්නවා. ඉස්සර නම් අපේ පැත්තේ නය්,පොලොන්ගු ඔක්කොම මඩොල් දූවට ගෙනල්ල දාල යනවලු නේ, හැබැය් දැන්නම් මොකෙක් වත් නෑ.
12 z copy
ඔය ඊතලේ පටන් ගන්න තැන ඉඳං මඩොල් දූවට පීනන එක එච්චර කජ්ජක් නෙමි.එතෙන ඉඳං මඩොල් දූව පෙන්නේ මෙහෙම,                                               DSC02658   DSC02659
පහල වම් පැත්තේ තියෙන රූපේ ඊතලේ පටන් ගන්න තැන ඉඳං බැලුවම ලස්සනට රේල් පාරය්, A2 පාරය්  පේනවා නෙව, දකුණු පැත්තේ රූපේ තියෙන්නේ පෙන හැටි,ටිකක් සූම් කරලා ගත්ත එකක්.
km copy  DSC02656
මේ පින්තුරේ නම් A2 පාරේ පාලම උඩ ඉඳං මඩොල් දූව පැත්තට කැමරාව හරවල ගත්තු එකක් ඒ කියුවේ ඊතලේ රිවර්ස් එක
                    58320278
කොග්ගල කලපුවේ උඩහට වෙන්න නම් පත කිඹුල්ලුත් ඉන්නව, ඒ උනාට මිනී නොකය් කොග්ගල කිඹුලීගේ පැටියාලු.මඩොල් දූව ඇරුනම තා දූපත් කීපයක් මේ කලපුවේ තියෙනව.කුරුළු දූව ඒවායින් එකක් ඒකේ ඉස්සර පට්ට ගති කුරුල්ලෝ හිටියලු නේ දැන්නම් එකෙක් වත් නෑ මං හිතන්නේ.  
අපේ ප්‍රදේශය මෙච්චර විශේෂ වෙලා තියෙන තවත් හේතුවක් තමය් අපේ ප්‍රදේශයටම ආවේනික වෙලා තියෙන රිටිපන්න මාළු බෑමේ ක්‍රමය, පල්ලෙහා පින්තුර බැලුවම වැඩේ මීටර් වේවි.
173807165634782Sri Lanka 19srilankafishing_617
විදේශික අයට නම් මේක මැජික් වගේ,මේ ඊයේ පෙරේදත් මම බස් එකේ එනකොට දැක්ක සුදු මහත්තයෙක් මාළු බාන එක්කෙනෙක් ගෙන් පොඩි චෑන්ස් එකක් ඉල්ලගෙන මේ රිටක් උඩ නැගල මාළු බානව.
කොග්ගල ගුවන්තොටුපොලකුත් තියෙනවා හැබය් ඉතින් එකේ මිග්27 ,බෝයිං 747 වගේ ඒවානම් නවත්තන්න අමාරුය්ලු, මේන් මේ වගේ ඒවා නම් පුළුවන් මේක කොග්ගල ගුවන් තොටුපොළේ ගත්තු පින්තූරයක්
                      33807_499166461519_649736519_6165803_406890_n
තා විශේෂතාවක් තියෙනවා ලංකාවෙන්ම කොග්ගල විතරය් මේ විදියේ තැනක හම්බවෙන්නේ, ලංකාවේ විතරක් නෙමි, ලෝකෙම්ම කොග්ගල විතරය් ලු මේ විදියට තියෙන්නේ.මේ විදියට කියුවේ, වාහනේකින්,නැවකින්,පයින්,ගුවනින්,කෝච්චියෙන් එකම තැනක එකම වෙලාවක ගමන් ගැනීමට තියෙන හැකියාව. තේරුණා මදි වගේ නේද, මේ පින්තූරේ බැලුවම මීටර් වේවි
5
ගුවන් තොටුපොළේ, A2 මාර්ගයේ තව වැඩි විස්තර සඳහා මෙතනින් යන්න.
මේ පදික තීරුවත් එසේ මෙසේ එකක් නෙමි වෙනමම තියෙන්නේ.
                        3382271
ඔය පින්තූරේ මැද්දෙන්ම තියෙන්නේ පදිකයන්ට වෙන්වූ තීරුව, ඊට දකුණු පැත්තේ ගාල්ල-මාතර පාර ඒ කියුවේ A2, වම් පැත්තේ රේල් පාර ඊටත් එහා පැත්තේ ගුවන් තොටුපොළ මූද නම් පෙන්න නෑ හොඳේ කොරන්න දෙයක් නෑ.මීට අමතරව ඕන නම් කොග්ගල කලපුව දිගේ බෝට්ටුවකින්,බත්තලකින් යන්නත් පුළුවන් , එයාර් ටැක්සිත් කොග්ගල කලපුවේ නවත්තනවා නෙව ඒ කියුවේ මේන් මේ වගේ ඒවා
                                            Sri_Lankan_Airlines_air_taxi_Service_13-300x202
ඔයාලට කියන්න ලංකාවෙන්ම මිලාදිකම අතුරුපස සිංහලින් කියුවොත් ඩෙසර්ට් එක තියෙන්නෙත් කොග්ගලම තමය්, මීට අවූරුදු කීපෙකට කලින් නම් ලෝකෙන්ම මිලාදිකම අතුරුපස තිබ්බේ කොග්ගළලු වැඩි විස්තර මෙතනින් .කොග්ගල කියුවේ කොග්ගල තියෙන “The Fortress” හොටෙල් එකේ.මේන් අතුරුපස.
         fortress-stilt-fisherman-indulgence-most-expensive-desserts  (1)fortress-stilt-fisherman-indulgence-most-expensive-desserts  (2)
$14500, $1ක්=රුපියල් 125ක් කියල ගත්තොත් මගේ කැල්කූලේටරේ හැටියට රුපියල් 1,812,500 ආයේ පිස්සුවක් ඇතෑ, ඔච්චර ගානකට අතුරුපස කන්න රුහුණේ මීකිරි තියෙද්දී.ඕක කන්න නම් ඉතින් පිස්සෙක් වෙන්න ඕන. දැනටත් ලෝකේ මිලාදිකම අතුරුපස වලින් පස්වෙනි ස්ථානය මේක තමය්. මිලාදිකම අතුරුපස 10ය බලාගන්න මෙතනින් යන්න.
“The Fortress” හොටෙල් එක මෙන්න
                 9 copy
        Fortress (5)   Fortress (4)                   Fortress (3)  Fortress (2)
අපේ ප්‍රදේශේ ගැන කතා කරනකොට ඉතින් මූදු වෙරළ ගැනත් කතා නොකරම බෑ.මේ පොට් එකේ නාකියාගන්න ගාල්ලේ ඉඳගෙනත් කස්ටිය එනව නෙව.
                                  35
මේ ටිකත් කොග්ගල මූදු වෙරළේ ලස්සනට සාක්ෂි දරනවා සාක්කි,බලලම යන්නකෝ
5718050  57173465909714 5909879                                                 1738071
ප.ලි-ගූගල් දෙය්යෝන්ටත් මන්නොගත්තු පින්තූර වල අයතිකාරයොන්ටත් බෙහෙවින් පින් !!

75 comments:

  1. ආයේ මක්ක දොඩනවද මලයෝ.. මගෙත් ආසම අහ තමා කොග්ගල.... අපූරුවට කොග්ගල ගැන විස්තර කරලා තියනවා....

    අර ඩෙසර්ට් කතාවනම් අද තමා දැනගත්තෙ,,,, ආයේ පිස්සුවක් ඇතෑ... ඕක කන්න,, කිතුල්පණි ඇබිත්තක් දාගෙන කිරි හට්ටියක් කනවා මිසක

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා :)
      මේ පැත්තේ ආවට ස්තූති

      Delete
  2. ලස්සන පැත්තක් බොල..

    ලබන මාසේ සිට සෑමා ගාල්ල, මාතර, ආවරණය කරන වගයි.. :)

    ReplyDelete
    Replies
    1. එල එල :ඩ ගාල්ලම ඉවර කරාවිද දන්නෙත් නෑ :ඩ

      Delete
  3. මගෙත් ඉතින් උපත ගාල්ලේ තමා.. ;)

    ReplyDelete
    Replies
    1. හප්පටසිරි වැඩ බැරි උනත් ගම ගාල්ලේ නෙව :ප්
      එහෙනම් අපිට වෙඩිමටත් එන්න පුළුවන් :ඩ

      Delete
  4. ලස්සන ගමක් වගේම ලස්සන කතාවක් ........

    ReplyDelete
    Replies
    1. තැන්කූ, මේ පැත්තේ ආවට ;)

      Delete
  5. කෝ බොල දන්නෙ නැති ඒවත් තියෙනව කිව්වට එහෙම එව්වා නෑනේ ;)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉතින් උඹ සිදත් නේ :ප් :ඩ

      Delete
  6. නියම විස්තරයක්. අර අතුරු පස ගැන අදමයි දැනගත්තේ.

    ජයෙන් ජය!!

    ReplyDelete
  7. අර මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරයට නම් මම ගිහින් තියෙනවා... මඩොල්දූවට නම් ගිහින් නෑ.... :(

    ReplyDelete
  8. කෝ එතකොට වෙළඳ කලාපේ?? කලාපේ කෙල්ලෝ!! ඒ විස්තර ටික නැතුව කොග්ගල ගැන දාපු මේක පොස්ට් එකක් ද බොල!!
    ලියපිය හරියට!! උඹට තොරතුරු හොයන්න තනියම කලාපේ පැත්තේ යන්න බැරි නම් මටත් කියපිය! මාත් එන්නම්!!

    ReplyDelete
  9. නෑ නෑ බොල මම කලාපේ බෝඩ් එකේ පින්තුරයක් එහෙමත් අරගෙන හිටියේ දිග වැඩි වගේ හිතුන නිසා ලිව්වේ නෑ :/ වෙලාවක යමන් කෝ :ඩ්

    ReplyDelete
  10. ආ ... ඔන්න මමත් ආවා මේ පැත්තට, බලල යන්න.
    මම කැමතිම ලේඛකයෙක් මාර්ටින් වික්‍රමසිංහ මහත්තය. මේ ළඟදිත් මම එතුමගෙ ‘උපන් දා සිට‘ පොත කියෙව්ව.
    මචං, අර ප්‍රවාහන මාධ්‍ය කිහිපයක් සමාන්තරව යන කතාව රත්මලානටත් අදාලයි නේ ද? අර මිල වැඩි ඩෙසර්ට් එක ගැන නම් අවුරුදු කීපෙකට කලින් ඉරිද ලංකදීප සැඳැල්ල අතිරේකෙ ලිපියක් තිබිල කියව්ව මතකයි.
    ගාලු පාර දිගේ ඕන තරම් එහාට මෙහාට ගිහින් තිබුණත් කවදාවත් කොග්ගල ඇවිදල නෑ බං. මඩොල් දූවට යන්න ආසාවක් නම් තියනව. බලමු...
    ඔයක්, කලපුවක්, මූද ඔක්කොම එකට තියන සුන්දර ගමක්. මට නම් උඹල ගැන ඊරිසියත් හිතෙනව.
    අර කලාපෙ ගැන නම් මේ පෝස්ට් එකේ නොදාපු එක හොඳයි බං, ඒක වෙනම ම පෝස්ට් එකක දාපං. (එතකොට වැඩිපුර විස්තරත් දාන්න බැරියැ. :D) මේ වගේ සුන්දර පරිසරයක් මැද්දට ඒ වගේ යාන්ත්‍රික පරිසරයකුත් ඇඩ් කලාම නිකං අලයි ගෝවයි වගේ.

    ReplyDelete
  11. රත්මලානෙත් තියෙනවද අරම වෙනමම පදික තීරුවක්‌, දැනන් හිටියේ නෑ :/ ,
    //මේ වගේ සුන්දර පරිසරයක් මැද්දට ඒ වගේ යාන්ත්‍රික පරිසරයකුත් ඇඩ් කලාම නිකං අලයි ගෝවයි වගේ//
    සිරාවටම :ඩ
    වෙලාවක වරෙන් කෝ ;)

    ReplyDelete
  12. හම්මූ “දකුණු ලක“ මං හුස්මගන්න වැඩියෙන්ම ආස පලාතක් කිව්වොත් හරි......උපන්ගමනම් නෙමේ....ඒත් මොකද්දෝ නොතේරෙන බැඳීමක් මට තියෙනව...මම ජීවත්වෙන්න ආසම පලාතක්....

    එන්න පරක්කුවුනාට සමාවෙන්න මල්ලියෝ...අද ඉඳන් දිගටම එනවා...ජය...!

    ReplyDelete
  13. පරක්වෙලා හරි ආවනේ අක්කේ :)
    දිගටම එන්නකෝ.

    ReplyDelete
  14. අපි දකුණේ කොල්ලෝ හරිය කිව්වලු.... :-)
    මමත් ගියා දවසක් 2ක් මඩොල් දූවේ.

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. පොඩිම කාලේ අම්මත් එක්ක අම්මලගේ ඉස්කෝලෙන් ආපු ට්‍රිප් එකකට සෙට් වුණු නිසා කොග්ගල ආවා වගේ මතකයි. ඒත් දැනුම් තේරුම් තියෙන කාලෙක නම් එන්න වුණේ නැහැ. දවසක එන්න ඕනේ

    ReplyDelete
  16. මේ පැත්තට එන්න සෑහෙන්න පරක්කු උනා මල්ලි....හැබැයි අද ඉඳන් දිගටම එන්නම්කො ඔයා ලියන ඒව කියවන්න.

    මං කවදාවත් කොග්ගල ඇවිත් නෑ.මේ දාල තියෙන විස්තරයි පින්තූරයි දැක්කම ආස හිතුනා දකුණු පළාතේ ඇවිත් යන්න.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා :)

      Delete
  17. කොග්ගල පහුකරගෙන අනන්ත ගියත් හරියට දැක්කේ අයි.. දැන් ඉතින් නොගිහින්ම බැහැනේ.. බොහොම ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. කොග්ගල කියන්නේ ලස්සන පැත්තක් නේද..

      Delete
  18. කලාපෙ සහ හිරිගල් දේවාලේ එකතු වුණානම් තවත් ලස්සනයි... පෝස්ට් එක දිග වැඩි වුණත් කමක් නැහැ ඒ ටිකත් දාන්න....

    ReplyDelete
    Replies
    1. හිරිගල් දේවාලේ අමතක වෙලාම ගියා :ඩ්
      මේ පැත්තේ ආවට ස්තූති!!

      Delete
  19. මගේත් ජීවිතෙ ගෙවෙන්නේ ගාල්ලේ මචන්,අනික් එක ෆන් එකක් දාන්න සෙට් වෙන්නේ උණවටුන පෑත්තේ,මමත් මාටින් ව්ක්‍රමස්ංහ කවුතුකාගාරය බලන්න ගියා නමුත් මඩොල් දූව බලන්න ගිහින් තමයි එපා වුනේ ,මුන් බෝට්ටුවට 1000ක් ඉල්ලුවනේ බන්,අපි උනවටුනේ ග්ලාස් බොටම් වල පෑයේ ට්‍රිප් එක යන්නේත් 1200 ට අතන විනාඩි 5ක් බෝට් එකේ යන්න නෑ,
    හෑබෑයි ඔරුවෙන් එක පාරක් මම රවුම ගිය අපිටත් හබල් ගන්නත් දුන්නා 700යි ගත්තේ පෑයකට වෑඩි ගමන,හෑබෑයි ඔරු තියෙන්නේ කොග්ගල කෑම්ප් එක ගාව,අර ආරන්‍යට යන තෑන....

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකේ තියෙන විදියට කකුල් දෙකටය් අත්දෙකටය් හය්ය අරගෙන පීනුවනම් ගාන ෆ්‍රී :ඩ්

      Delete
  20. අඩේ පට්ට බන්.....තැන්කූ.......

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට තැන්කූ :)

      Delete
  21. හප්පේ අපේ ගමත් කොග්ගලට ලඟයි....:) ගමේ කෙනෙක් දැක්කා වගේ නේ..

    මමත් ඔය කවුතුකාගාරෙයි මඩොල් දුවටයි ගිහින් තියනවා. බොරු ඕන නෑ..කොග්ගල ඇත්තටම ලස්සනයි.

    ආ....අර ෆෝට්‍රස් හෝටලේ මගේ ප්‍රියතම හෝටලයක්. ඇයි කියලා කියන්න ඕන නෑ නේ ඉතින් :) හැබැයි ඉතින් අර අතුරුපස නම් කාලා නෑ...හිහි

    ReplyDelete
    Replies
    1. නෑ කොග්ගලට ළඟයි කියුවා
      කිට්ටුව ප්‍රදේශේක කෙනෙක් නේ අඳුනගන්න ලැබීම සතුටක් හොඳේ..

      Delete
  22. නියම විස්තරයක්නෙ දාල තියෙන්නෙ. මට නං ආස ඊතලේ දිගේ පීනන්න. බලමු හොටෙල් එකට ඇවිල්ල ඩෙසර්ට් 1 කන්න පුළුවන්ද කියල. (හොරාට)

    ReplyDelete
    Replies
    1. එන්න එන්න හොටෙල් එකේ ආරක්ෂාව ගැනත් දානවා කලින් දනන් හිටියනම් :ඩ

      Delete
  23. අදමයි මේ පැත්තට ආවේ. හනෙ අම්මියෝ මේ මම දන්න කියන තැනක්නේ. ඔය කතළුවෙද? අපෙ තාත්තා අහංගම.එතකොට මේ මහා ගත් කතුවරයාට ළඟින් යන සම්බන්දෙකුත් අපිට තියෙනවා.අවුරුද්දකට වතාවක් විතර අපි කොග්ගල බීච් හොටෙල් එකේ නැවතිලා ඔය වටේම කරක් ගහනවා ඉස්සර.

    ReplyDelete
    Replies
    1. නෑ :o එහෙනම් අක්ක අපේ දුරින් නෑයෝ නේ :)

      Delete
  24. Harima rasawath lipiyak saha pinthura. Aasawen kiyewuwa, baluwa. Koggala yanna awurudu ganaka indan mageth puduma aasawak thiyenne. Ee habayi wisheshenma Madol Doowa Balanna :). Sthuthiyi me lipiyen apiwa pinewuwata..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ :)
      ඇවිත් යන්නකෝ වෙලාවක..

      Delete
  25. හොදම හොද විස්තරයක් මල්ලී!!!

    මට මේක දැක්කගමන් මතක් ව්උනා මම මඩොල් දූවෙ බෝට්ටුවෙ යන්න ගිහින්, යන්න බෑ කියලා ගොඩට ව්එලා මරලතෝනි දුන්නු හැටි..හික්ස්ස්ස්

    අදමද මන්දා මෙහාට අඅවෙ..

    ReplyDelete
    Replies
    1. :ඩ් :ඩ්
      ඔයා මගේ බ්ලොග් එකට මුලින්ම ආපු කීපදෙනාගෙන් කෙනෙක් :)
      සඳ කියල මගේ පොස්ට් එකකට කමෙන්ට් කරා ඔයා

      Delete
  26. හොද විස්තරයක්... මේක කියවපු ගමන් ජින්නලා උපාලි ලා සෙට් එකම මතක් උනා... මගේ සුබ පැතුම්.... වෙලාවක් තිබුනොත් මගේ කාමරයටත් ඇවිල්ලා යන්න එන්න...

    ReplyDelete
  27. ඔන්න මම ඔයාව බලන්න ආවා.
    ඉස්සර මම ගිහිල්ලා තියනවා මඩොල් දුවට මාටීන් මහත්තයා ගේ ගෙවල් පැත්තේ ඉදලා ඔරැවක නැගලා.ඒ පැත්තේ ඉදලා එන කොට ටිකක් දුරයි මයේ හිතේ.

    ආයෙත් මේ පැත්තට එන්නං අනිත්වා බලලා යන්න

    ReplyDelete
  28. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා ආයෙත් එන්න :)

    ReplyDelete
  29. හ්ම්.. කොග්ගල කියාපු ගමන්ම මටත් මතක් වුණේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාව.බොහොම ස්තූතියි අපිත් එක්ක ගමේ ‍තොරතුරු බෙදාගත්තට.

    ReplyDelete
  30. Lassana,, Honda lipi thiyena blog ekak,,, pictures vitharai baluwe,, thawa tikakin kiyawanawa,,,, harima apoorui,,,mey visthara godak watinawa,,,

    Idiriyata yanna shakthiya labewa kiyala pathanawa,,,

    ReplyDelete
  31. බොහොම අපුරු ලිපියක්නේ . මන් මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා සේරමයි කෙටිකතා වෙළුම් දෙකයි කියවල තියෙනවා . වැඩියම පරිවර්තන වලට කැමති මට අපේ ගත්කතුවරු අතර වැඩියම ප්‍රිය කෙනෙක් තමා එතුමා . ආයේ කියවන්න වුනත් කැමතියි ඒ පොත් බොහොමයක් . කොග්ගල පහුකරන් කොපමණ ගියත් කවුතුකාගරේ නම් බලන්න බැරි වුනා . බොහොම ස්තුතියි විස්තර වලට

    ReplyDelete
  32. කෞතුකාගාරෙත් බලන්න බින්දී අක්කේ
    මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...

    ReplyDelete
  33. සෑහෙන පරණ මතකයක් අළුත් උනා.කොග්ගල කිව්වම මට මුලින්ම මතක් වෙන්නේ රේල් පාරයි ගුවන් යානා නවත්වන තැනයි බස් පාරයි කියන මේ තුනම එකට හමුවෙන ලංකාවේ එකම තැන මේක විතරමයි කියන එක !!!

    දිගටම එන්නම් මල්ලි. යන ගමන් ෆලෝ පාරකුත් දාගෙනම යනෝ. :)

    පුබුදු කියන්නේ දිනේශ් මල්ලිගේ මල්ලි ද ?

    ReplyDelete
  34. නෑ නෑ :ඩ්
    මට අය්යල නෑ මදුරංග අය්යේ :)))

    ReplyDelete
  35. අදමයි මේ පැත්තෙ ආවෙ මල්ලි. කොයි තරම් ශෝක් බ්ලොග් එකක්ද

    ReplyDelete
    Replies
    1. තැන්කූ අක්ක, මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා :)))

      Delete
  36. කෝ බං .... ලියන්නෙ නැත්ද?

    ReplyDelete
    Replies
    1. කාරිය බහුලයි අය්යේ
      ලියන්න තියා කියවන්න වෙලාවක් හොයා ගන්නෙත් හෙන ගේමක් දීලා
      ඉස්කෝලේ යන්න, පන්තියන්න, ගණන් හදන්න , පාඩම් කරන්නත් එපයි :ඩ්

      Delete
    2. "ඉස්කෝලේ යන්න, පන්තියන්න, ගණන් හදන්න , පාඩම් කරන්නත් එපයි "

      …ශක්තිය ගන්න දවස පටන් ගන්න වීවා වලින් :D

      Delete
    3. කමක් නෑ, ඒ වැඩ අනිවාර්යයෙන් කරන්න. නොලියම ඉන්න එපා, මාසෙකට සැරයක්වත් පෝස්ට් එකකුත් දාන්න.
      තවත් දෙයක් කියන්නම්. වැඩිපුර ගණන් හදන්න, ගණිතය පහසු විෂයක් වුණාම ටික කාලයක් යද්දි අනික් විෂයන් වෙනදට වඩා හොඳට අවබෝධ වෙන ගතියක් එනව. අත්දැකීමෙන් කියන්නෙ.

      Delete
  37. කෝ අලුතෙන් මොකුත් ලියන්නේ නැද්ද ??

    ReplyDelete
    Replies
    1. කියවන්නවත් වෙලාවක් නෑ හසිත අය්යේ මේ දවස් වල
      අය්යාගේ පොස්ට් කීපයක්ම කියවන්න බැරි උනා මේ සති අන්තේ කියවන්න ඕන

      Delete
  38. මමත් කැමතිම තැනක් තමයි අර පාරවල් ඔක්කොම තියෙන තැන!හරිම අමුතු ලස්සනක් තියෙන තැනක්!

    ReplyDelete
  39. බොහොම වටින දේ හරිම රසවත් විදිහට ලියලා. ගොඩාක් මහන්සිවෙලා. පින්තූර වලින් කියවන්නාව බැදගෙන. මටත් හිතෙනවා මඩොල් දූවෙ ගිහින් ඔයැයිලගෙ දිහායින් බත් කටකුත් කාලම එන්න.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර දොරවල් ඇරලා :ඩ්

      Delete
  40. නොදන්න ගොඩක් දේ දැන ගත්ත. නියමයි...

    ReplyDelete
  41. නියමයි සහෝදරයා.....මන් ආසම ආස පෝස්ටුවක්....
    ස්තුති වේවා බලන්න සැලස්සුවට...අද තමයි මේ පැත්තට ආවේ

    ReplyDelete
  42. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා :)))

    ReplyDelete
  43. නියම පෝසට් එක.ෆොටෝ ටිකත් ෂෝක්

    ReplyDelete
  44. මම කොච්චර ගාල්ලෙ ඇවිල්ල තිබුණත් මඩොල් දූවට ගොඩ වෙන්න බැරි වෙනවනේ ඒ අතින් මම හරි අවාසනාවන්තයි

    ReplyDelete

වැරදි හදාගන්න,තවත් ඉගෙනගන්න,හිතේ තියෙන දේ කියලම යන්න