කව්ළුදොර හැර අන්ධකාරයේ සිට
ආලෝකමත් සඳ
නුඹ දෙස බලනා මා යුග නෙත්
කඳුලින් තෙමීමට
කෙතරම් දරදඬු ද නුඹ හිත
විටෙක සිනාසෙන
විටෙක රවන
තවත් විටෙක සැඟවෙන සඳ
අපහසුය වටහා ගැනීමට
අසාධාරණ සඳ
මා නෙතු කිරණින් ගැලවීමට
අඹ ගසට සැඟවෙන
කුමක් කරන්නද මා
නුඹ නැති නිමේශයට
නොපැතුවෙමි නොබැලුවෙමි
සුව හසක් තරුදෙස
බැලුවේ පැතුවේ එකම එක්
සඳක් දෙස
පමාවීද මා සඳට නෑකම් කියන්නට
විරහ ගී දහසකුත් මදි මට ගයන්නට!!!
ෂඃ... මරුනේ මල්ලි... ලස්සනයි කවි ටික.. මාත් ලියන්න හිටිය සඳ ගැන.. දැන් පරක්කු කරන්න වෙයි වගේ ඒක..:) ජයවේවා!!!
ReplyDeleteතැන්කූ වේවා!!! අක්කත් ලියන්න කෝ, =)
ReplyDeleteමලයා අපි හදමු රොකට් එකක් හද අල්ලන්න. එහෙමත් හැංගෙන්න දෙන්න පුලුවන්ද ඔය හදට. හෙහ් හෙහ් ....
ReplyDeleteනියමයි කොලුවෝ ඔහොම යාන් ඔහොම යාන්....
මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරලා දාපන් මලයෝ. නැත්තම් කමෙන්ටු දාන්න අමාරුයි බං
ඒක අයින් කරා අය්යේ, හඳ අල්ලන්න රොකට් හදනවට වඩා ලේසිය් ගහ කපලා දාමුද ?? :/
ReplyDelete//පමාවීද මා සඳට නෑකම් කියන්නට
ReplyDeleteවිරහ ගී දහසකුත් මදි මට ගයන්නට!!! //
නියමයි මල්ලී!!! හරිම අපූරුයි!!! දිගටම ලියන්න අද ඉඳන් මාත් එනවා කියවන්න..ජයම වේව!!
:) ස්තූති !!
Deleteඑල එල මල්ලි !
ReplyDeleteනියමයි!
බලන යනකොට උඹ හොද කවියෙක්නේ!:))
ඒකනම් දන්නේ නෑ :)
ReplyDeleteඅන්තිම පේලි දෙක හරිම ලස්සනයි...
ReplyDelete:D ස්තූති !
ReplyDeleteඅඩෝ මොකකින්ද බං ඕක උපුටා ගත්තේ? පොත් වල තියෙන ඒවා දල ප්රසිද්ද වෙන්න උඹට ලජ්ජා නැද්ද?
ReplyDeleteආයේ පිස්සුවක් ඇතැ, මෙව්වා ස්ව නිර්මාණ !!
Deleteනොපැතුවෙමි නොබැලුවෙමි
ReplyDeleteසුව හසක් තරුදෙස
බැලුවේ පැතුවේ එකම එක්
සඳක් දෙස
පමාවීද මා සඳට නෑකම් කියන්නට
විරහ ගී දහසකුත් මදි මට ගයන්නට!!!
nice..
ස්තූති සහෝදරී !!
Deleteපුබුදු තණමල්විල පැත්තෙ වත් ගියාද ලඟදි ? හෙහ්...හෙහ්...
ReplyDeleteපිස්සුද ඔබා මාමා, දුකට ඇතිවෙන සිතුවිලි ;)
ReplyDeleteමොකද මලේ ඇත්තටම වුනේ.ඕවා ඔහොම තමයි
ReplyDeleteමොනවා වෙන්නද අය්යේ :(
Deleteනන්නාදුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා...
සඳ එළිය මමයි නම්,
ReplyDeleteසඳ සාවී මගේ මැණික!
ඔව්ව හිතට ගන්න එපා මලයෝ!
හ්ම්ම් හ්ම්ම් :)
Delete