2012-05-01

කම්කරු දිනය හා යලි පිබිදීම

                                             Red-032-Socialism-032-vs-032-Communism_big                                                       ෂා!! මැය් පළවෙනිදා දවස් 365 න් මම ආසමකරන දවසක්,මැය් දිනය ලෝක කම්කරු දිනය කියලත් හදුන්නනවා කියල හැමෝම දන්නවනේ,ඒත් ඉතින් ඒකෙ ආරම්භය,ඉතිහාසය එහෙම කට්ටිය දන්නේ නැතුවැති සමහරවිට දන්නවත් ඇති, දන්නැති ඈයෝන්ට කෙටියෙන් කියන්නම් කෝ,කම්කරු දිනය සැමරීමට ලෝක වාසි ජනයා පටන්ගත්තේ ක්‍රි.ව.1886 ලුනේ. ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේ තම අය්තීන් වෙනුවෙන් සටන් වැදි කම්කරුවන් පිරිසකට වෙඩිතබා විශාල පිරිසක් ඝාතනය කිරිම මුල් කරගෙන තමය් එය ඇරබිලා තියෙන්නේ ,අද වනවිට රටවල් 80 කට වැඩි ගනනක් ලෝක කම්කරු දිනය සමරනු ලබනවා.අපේරටේ පාට පාට ඈයෝ ඒක ඒක පැති වල කම්කරු දිනය සැමරුව කියල කස්ටිය දන්නවා ඇති නේ. අද මුල් පිටුව බැලුව නම් එල කිරි වගේ කාටුන් ටිකක් බලාගන්න තිබ්බ Laughing out loud 19 වන සියවස වනවිට අපේ රටේ කම්කරුවන් දේශීය නාගරික කම්කරුවන් හා ඉන්දියානු වතු කම්කරුවන් වශයෙන් කොටස් දෙකකට බෙදිලා ඉඳල තියෙනව.තම අය්තිවාසිකම් සඳහා මුලිම්ම උද්ඝෝෂණය කරලා තියෙන්නේ කොළඹ මූලික කරගෙන නාගරික කම්කරුවන් ඒ කියන්නේ “නාටාමි”ලා වෙන්ටෑ. 1893 කොළඹ මුද්‍රණකරුවන් විසින් ආරම්භ කරන ලද  වැඩ වර්ජනය කම්කරු අරගලයක මුහුණුවර ගත් ප්‍රථම අවස්ථාව ලෙස සැලකෙනවා. 19 වන සියවස අග භාගයේදී මධ්‍යම පන්තියේ සහය ලබාගෙන කම්කරුවන් “කරත්තකරුවන් ගේ වැඩවර්ජනය” ,”වැල්ලවත්ත රෙදි මොලේ වර්ජනය” වගේ වැඩවර්ජන කීපයක්ම පවත්තල තියෙය් කියනව නේ, මේ කාලයේ ආරම්භ වූ ලංකා බ්ලොග් කරුවන්ගේ සංගමය “ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය “ ශ්‍රී ලංකාවේ ප්‍රථම වුත්තීය සංගමය ලු.
කොහොම උනත් අපේ රටේ ජනතාවට නම් මැය් දින පෙළපාලියක අසිරිය ඉස්සෙල්ලම දැකගන්නට ලැබුනේ 1934 අව්රුද්දෙය් කියනවා නේ.ඒකාලේ ලංකාවේ කම්කරු දිනයන් හරිම අරගලකාරී විදියට තමය් පැවැත්වෙල තියෙන්නේ. ඒ කම්කරුවන් තමන්ගේ ඉල්ලීම් කම්කරු දිනය දවසේ ඉදිරිපත් කල නිසා. නමුත් 1956 කම්කරු දිනය නිවාඩු දිනයක් බවට පත් කරායින් පසුව එහි තිබු දේශපාලන සාරය මැකී ගිහිල්ල තියෙනවා.එකට හේතුව වෙලා තියෙන්නේ ඊට කලින් පවත්තපු කම්කරු දින බලෙන් පැවැත්වූ නීති ගත නොවූ ඒවා නිසා.කොහොම උනත් රටක අත්තිවාරම වගේ කම්කරු පන්තිය දේශපාලන බලය ඔස්සේ හුදකලාවීම හා අතුගෑවීයාම කාටවත් වලක්වන්න පුළුවන් වෙන එකක් නෑ.
“රටවලට නිදහස අවශ්‍යය්, ජාතීන්ට විමුක්තිය අවශ්‍යය්, ජනතාවට විප්ලවය අවශ්‍යය්”- චීන හිටපු අගමැති චෞ-එන්-ලාය්
කම්කරුවා,පාරිභෝගිකයා අද හුගක්ම අසරණ වෙලා, දුක්පත් කාර්යය බහුල මිනිසාගේ ප්‍රදාන ආහාරය පාන්, මිල ඊයේ පෙරේද ආයෙත් ඉහල ගියාලු(පාන් විතරක් නෙමේ), අපේ පාරිභෝගිකයන් සහන ඉල්ලුවිට දේශපාලුවන් කියන්නේ “පාන් බැරිනම් බත් කාපන් “ කියලාන් හරියට “මාරි ඇන්ටෝනියෝ” බිසව කියුව වගේමය් , මම පුද්ගලිකව නම් එකට කැමතිය් මොකද බත් තමය් අපේ ප්‍රධාන ආහාරය වෙන්ට ඕන.ඒත් වෙලාවක් නැත්තම් පාන් හරි කාලා ජීවත් වෙන්න එපාය Annoyed  කොහොම උනත් ඒවා වෙනස් කරන්න පුළුවන් අපිටම විතරය් හරියට කම්කරුවන් තම අය්තීන් දිනාගන්නවා වගේ.කිසිදු ලේ වැගිරීමකින් තොරව  පාරිභෝගිකයාත් තම අය්තීන් වෙනුවෙන් සටන් කරන්න ඕන.රටේ සෑම බිම් අගලකම අයතිය අපිටම නේ ඒවගේම අපිත් අය්ති මේ රටට ය් රටේ දියුණුවට කම්කරු පන්තිය ශක්තිමත් වෙන්නෝන ඒවගේම පාරිභෝගිකයාට ආර්ථික ප්‍රශ්න අවම වෙන්න ඕන. ඉතින් අයතීන් වෙනුවෙන් සටන් කිරීමට මිනිසාට අය්තියක්‌ තියෙන්ට එපය්

පසු කතා -Confused smile මාස 3ය් දවස් 1කට පස්සේ තමය් පොස්ට්ටුවක් දැම්මේ(මගේ බ්ලොග් 1 පටන් ගත්ත ගමන වහල දාන්න වෙය් කියලා මම හිතුවේ), ප්‍රශ්න ගොඩකට හිර වෙලා උන්නා, බ්ලොග් 1ක් කියවන්නවත්,ලියන්නවත් වෙලාවක් උනේ නෑ 1ක් 2ක් වගේ කියෙව්වා සමහරක් එව්වා ෆලෝ නොකර කියෙව්වා හුගක් එව්වට කමෙන්ටු දැම්මෙත් කලාතුරකින් ඒත් අපේ අම්මා කියපු විදියට මම දැන් කාල සටහනකට වැඩකරනවා Clock, මට තිබුන එක ප්‍රශ්නයක් තමය් උදේම්ම නැගිටින්න බැරි වෙච්ච එක ඒ මම එලාම් ඒක ඕෆ් කරලා ආයේම නිදාගන්න නිසා Laughing out loud, එකට පිලියමක් විදියට මම ප්‍රශ්න අහන එලාම් එකක් බාගත්ත ජංගම දු.ක.ට දැන් නම් එලාම් ඕෆ් කරලා දොය්යනව බොරු   ඊට පස්සේ කලාස් යන්නත් එපය්.  ප්‍රශ්න නම් කාටද නැත්තේ නේද නැට්ට පිටින් අලි මැරෙන්නෙ යාල කැලේ, මේවත් ප්‍රශ්නද ඔන්න එහෙනම් මම අද ඉඳල දිගටම එනවා ලියනවා කියවනවාThumbs up

හත්තිලව්වේ  මේකේ කමෙන්ටු දාන්න බැරුව තිබ්බ නේ ඔන්න දැන්නම් හරි වගේ

14 comments:

  1. ඔය තියෙන්නේ නෑ කියපු කමෙන්ට් බොක්ස් එක. නැට්ට පිටින් අලි මැරෙන රටේ මොන ප්‍රශ්නද කියලා ලියපන් මල්ලි. 19 සියවසේ තිබ්බ ලංකා බ්ලොග් කරුවන්ගේ සංගමේත් මැයි දිනේට මොකක් හරි සම්බන්දයක් ඇති නේද අපි නොදන්නවට. :P ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ඇති ඇති :D ප්‍රශ්න ගැන නම් මතක කරන්න ඒපා :o
      ස්තූති !!

      Delete
  2. එල එල!
    දැන්වත් පිළිවෙලකට වැඩක් කරපන්!
    බ්ලොග් 1ත් දිගටම ලියපන්!
    ජය වේවා!:)

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා :)
      ස්තූති!!

      Delete
  3. ආවේ පරක්කු වෙලා වගේ.ඒත් කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි ආව එක ගැන සතුටුය් :)

      Delete
  4. ඔන්න මාත් ආවා ලින්ක් එකක් දිගේ මේ පැත්තට. ටිකක් පරක්කුයි ඉතින්. පලවෙනි පාරනෙ.
    …දිගටම ලියමු එහෙනම් ජය!

    ReplyDelete
  5. පරක් උනාට කම් නෑ සහොදරී ආව එක ගැන සතුටුය්!!

    ReplyDelete
  6. රටේ විපක්ෂයක් නැති එකේ අපි පාරිභෝගිකයෝ ටික වත් සෙට් වෙලා එකක් හදා ගන්න ඕන! එතකොට හිතුණු හිතුණු විදියට මිල වැඩි කරන්න බෑ නේ!

    එල එල! කාලසටහනකට වැඩ කරපන්!
    ජය!

    ReplyDelete
  7. ජයෙන් ජයම වේවා

    ReplyDelete
  8. කෝ මල්ලා...නොනවත්වාම ලියමු නේද හ්ම්ම්?? :)

    ReplyDelete
  9. මේ ටිකේ කාරිය බහුලයි නේ :ඩ
    ලිව්වේ නැතත් කියවන්න නම් එනවා

    ReplyDelete

වැරදි හදාගන්න,තවත් ඉගෙනගන්න,හිතේ තියෙන දේ කියලම යන්න